Home Local රංගන හේරත්ගෙන් වවුනියාවේ අඩු අදායම්ලාභී පවුල් වෙත ස්ථිර නිවාස – PHOTOS

රංගන හේරත්ගෙන් වවුනියාවේ අඩු අදායම්ලාභී පවුල් වෙත ස්ථිර නිවාස – PHOTOS

322
0

ලෝක පූජිත ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සිය මූල්‍ය දායකත්වය යටතේ වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල් 02ක් වෙත ස්ථිර නිවාස ඉදිකිරීමට මුල්ගල තැබීම පසුගිය (25) වනදා සිදුකෙරුණා.

නව නිවාස 02, 21 වන සේනාංක බල ප්‍රදේශයේ මැදවච්චිය, අගුනොච්චිය ලිපිනයේ පදිංචි එස්.සංජීව සිරිසේන සහ 56 වන සේනාංක බළප්‍රදේශයේ වව්නියාව දිස්ත්‍රික්කයේ පදිංචි කේ.ඒ.එස් සරත් තිලකරත්න වෙත ලබාදීමට නියමිතයි.

වන්නි ආරක්ෂක ‍සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ මෙහෙයවීම යටතේ දෙවන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 07වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය මත අදාළ නිවාස ඉදිකිරීමට නියමිතයි.

වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ ‍මෙහෙයවීම මත බල ප්‍රදේශයේ ජිවත්වන ඉතා අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් මැදවච්චිය පුල්එලිය, සැලළිහිණිගම, වව්නියාව ගනේෂපුරම්, වව්නියාව පම්පෙමඩු, ගලෙන්බිදුණුවැව සහ වැලිඔය ප්‍රදේශයන්ගේ නව නිවාස සදා මීට පෙර පරිත්‍යාග කරනු ලැබුවා.

වැඩසටහන් අවස්ථාවට 211 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ලාල් විජේතුංග, 561 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ආර්.ඒ.එන්.කේ රත්නායක, ආරක්ෂක සේනා මුලස්ථානය කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස්, වන්නි යුධ හමුදා නිළධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here