Home Hit ආණ්ඩුකාර හිස්බුල්ලාට ජනපතිගෙන් තවත් නව පත්වීමක්

ආණ්ඩුකාර හිස්බුල්ලාට ජනපතිගෙන් තවත් නව පත්වීමක්

1756
0

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කර තිබෙනවා.

නැගෙනහිර පලාතේ සිදුකරෙන සංවර්ධනයන් සොයාබලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දී ඇති බව සඳහන්.

නව පත්කිරිමත් සමග ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නවරැස්විම ලබන ජුනි 10 වනදා ත්‍රිකුණාම දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් යන පිරිස දැනට කටයුතු කරනු ලබනවා.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here