Home Health රැකියා ස්ථානයේ දී බොරුවට හිනාවෙන අය රැකියා වේලාවෙන් පසුව අධික ලෙස මත්පැන්...

රැකියා ස්ථානයේ දී බොරුවට හිනාවෙන අය රැකියා වේලාවෙන් පසුව අධික ලෙස මත්පැන් පානයට යොමු වීමේ අවදානමක්!

707
0

නවතම අද්‍යනයකට අනුව රැකියා ස්තානයේ දී වැඩ කරන අතරතුර අනෙක් අය හා බොරුවට හිනා වන පුද්ගලයන් පසු කාලයේ දී අදික ලෙස මත්පැන් පානයට හුරු වන බව හෙළි වී තිබේ. වෘත්තීය සෞඛ්‍ය මනෝවිද්‍යාව සම්බන්ද අද්‍යනයකදී  හෙළි වී ඇත්තේ ගණුදෙනුකරුවන් ඉදිරියේ සිනාමුසු මුහුණින් සිටීමට බල කිරීම හරහා සේවකයින් මත්පැන් වලට යොමු වීමේ අවදානම වැඩි බව යි.

දවසේ රාජකාරි වල පීඩනය වැඩි වීමත් සමග ඔවුන් ට තම ගණුදෙනුකරුවන් සමග සුහදශීලීව කටයුතු කිරීමට අපහසු වන අවස්තාවල පවා තම රැකියාව උදෙසා ව්‍යාජ සිනහවන් හා සුහදවීම් පෙන්නුම් කිරීමට සිදු වීම නිසා සේවකයින් මත්ද්‍රවය පානය කිරීමට යොමු වීම බහුල වී ඇති බව මෙම අද්‍යනය තව දුරටත් පෙන්නුම් කරයි.

Penn State හි මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය වන ඇලිසියා ග්‍රැන්ඩි පවසන්නේ, මෙම අද්‍යනයේ ප්‍රතිඵලවලට අනුව සේවා යෝජකයන්ට “සිනහවක් සහිත සේවාවක්” ලබා දීම පීලිබදව නැවත සලකා බැලිය යුතු බවයි.

 ගණුදෙනුකරුවන් සමග ව්‍යාජ සිනාවීම් හා හැගීම් පෙන්වීම හරහා රැකියාවේ පීඩනය තුරන් කිරීමට අදික ලෙස මත්පැන් පානයට හා සෘණාත්මක සිතුවිලි වර්දනය වීමට කෙලින්ම බලපාන බව ඇලීසියා පවසයි.

ඇය තවදුරටත් පවසන්නේ,

“ ඔවුන් මත්පැන් පානය කිරීමට යොමු වීම පමණක් නොවෙයි මෙහි තියෙන බැරෑරුම් කම. රැකියා ස්තානයේදී ඇති වන සෘණාත්මක සිතුවිල පාලනය කිරීම සදහා වැඩි මහන්සියක් යෙදවීමට ඔවුන්ට සිදුවන නිසා මත්පැන් පානය වෙත ඇදී යාම පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා”

 සිනහවෙන් සිටීම ඔබේ රැකියාවෙ කොටසක් ලෙස සලකීම හොද දෙයක් වුවත් දවස පුරා එය පවත්වාගෙන යාම සේවකයා අපහසුතාවයට පත් කරන්නක්. ඔබේ රැකියාවේදී ලැබෙන මුදල් නිසා කෙතරම් අපහසු වුවද සිනහවෙන් ඔබේ රාජකාරි කිරීමට හා සෘණාත්මක සිතුවිලි පලවාහැරීමට ඔබව පොළඹවනු ලබනවා. මුදල් ඔබේ ස්වාභාවික හැගීම් අභිඹවා යාමට හොද උත්ප්‍රේකයක් උනත් දවස පුරා ම එය කිරීම අපහසු කටයුත්තක්.

ඇලීසියා සහ අනෙක් විශ්ලේෂකයින් මෙම අද්‍යනය කරනු ලබන්නේ එක්සත්ජනපදයේ 1592 ක් පමණ වූ රැකියා කරන්නන් පිරිසක් සමග දුරකතනයෙන් කරනු ලබන සම්මුඛ සාකච්චාවකින් එකතු කරනු ලැබූ දත්ත යොදා ගනිමින්. ඔවුන් මෙය හදුන්වනු ලබන්නේ වැඩ කිරීම නිසා වන පීඩනය හා සෞඛ්‍යය පිළිබද සමීක්ෂණය වශයෙනුයි. මෙම සේවකයින් ගෙන් ඇසූ ප්‍රශ්න වූයේ දවසට කී වතාවක් ඔබට ව්‍යාජ සිනහවන් නැගීමට සිදුවනවාද? , රාජකාරි වේලාවෙන් පසුව කොපමන ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පානය කරනවාද?, ඔවුන් ගේ රැකියාව පිළිබදව ඔවුන්ට සිතෙන්නේ කුමක්ද හා එය ඔවුන්ට කෙතරම් බලපානවාද ? ආදී ප්‍රශ්නයි.

රැකියාවේදී ව්‍යාජ ලෙස මවාපෑම් සිදුකිරීමට සිදුවීම හා රැකියා වෙලාවෙන් පසුව මත්පැන් පානයට යොමු වීම අතර සම්බන්දය වැඩි ලෙසම බලපාන්නේ ආවේගශීලි පුද්ගලයින් ට හා තමන්ව පාලනය කරගත නොහැකි පුද්ගලයින්ට බවයි ඇලීසියා පවසන්නේ. නිතර නිතර රැකියාව කරන්නේ කෙසේද යන්න පිලිබදව පැවසීම හරහා එම පුද්ගලයාට  තම චිත්තවේගයන් පාලනය කර ගැනීමට නොහැකි වන අතර නිවසට පැමිනි විට එක් වරක් පමණක් මත්පැන් පානය කිරීමෙන් ඔවුන් සෑහීමකට පත් නොවන බවද මෙම අද්‍යනයෙන් හෙළි වී තිබේ. ව්‍යාජ සිනාවන් පවත්වාගැනීම හා මත්පැන් පානය අතර සම්බන්දතාවය වැඩි ලෙසම බලපාන්නේ ආවේගශීලි සේවකයින් ට මෙන් ම නිරතුරුවම ගණුදෙනූකරුවන් සමග වැඩකිරීමට සිදුවන වෙළද ආයතන වල සේවකයින් ට , ලිපිකරුවන් ට හා නිතරම රෝගීන් සමග ගණුදෙනු කරන සෞඛ්‍ය සේවකයින්ට බවයි ඔවුන් පවසන්නේ.

සේවකයින් ගේ වයස ද මේ තත්තවයට කෙළින් ම බලපාන බව ඔවුන් පවසයි. විශ්ලේෂකයින් පවසන්නේ මේ තත්තවයට මුහුණ පාන සේවකයින් ගෙන් බහුතරයක් තරුණ වයසේ පසු වන්නන් වන බවත් ඔවුන් ට

තමන් පිලිබද පලනයක් නොමැති බවයි.  මෙම අද්‍යනයෙන් සොයා ගන්නා ලද තොරතුරු සිය සේවකයින් සදහා වඩා හොද රැකියා සැකසුමක් සාදා ගැනීම වෙනුවෙන් යොදා ගන්නා ලෙසට ඇලීසියා යෝජනා කර සිටිනවා. එමෙන්ම සේවකයන්ට වැඩ කිරීම සදහා කිසියම් ස්වාදීනත්වයක් ලබා දිය යුතු බවත් ඇය තවදුරටත් යෝජනා කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here