Home Hit ජනාදිපති කියන්නෙ අයිකන් එකක් නෙවෙයි. ඒ නිසා කාර්‍යාල වල මගේ ෆොටෝස්...

ජනාදිපති කියන්නෙ අයිකන් එකක් නෙවෙයි. ඒ නිසා කාර්‍යාල වල මගේ ෆොටෝස් එල්ලන්න එපා; විකට නලූවෙක් වූ යුක්‍රේන ජනාදිපති

707
0

 මගේ චායාරූප ඔබගේ කාර්‍යාලයේ එල්ලීමට අව්ශ්‍ය නෑ. ජනාදිපති කියන්නෙ අයිකන් එකක් වත් සිතුවමක් වත් නෙවෙයි. ඒ වෙනුවට ඔබේ දරුවාගෙ චායාරූපයක් එල්ලන්න. ඒ දිහා බලන හැම මොහොතකම සිතෙයි ඔබ තීරණයක් ගන්නා අයෙක් බව” මෙසේ පවසන්නේ මෑතකදී යුක්‍රේනයේ ජනාදිපති බවට පත් වූ විකට නලුවෙකු වූ Volodymyr Zelenskyy විසින් ඔහු ගේ සමාරම්භක දේශනයේ දී යි.

ඔහු තම සමාරම්භක කතාවේ දී තම රටේ ජනතාවට අවංක සහ විනිවිද පෙනෙන පාලනයක් ලබා දෙන බවට පොරොන්දු විය. ඔහු තවදුරත් මෙහි දී නායකයන් විසින් මහ ජනතාව උදෙසා ගෙන යනු පාලනයක් පිළිබද සිහිනයක් තම ජනතාවට ඉදිපරිපත් කළේ ය.

“අපි නීතිය අතර සමානකම් පවතින රටක් ගොඩනගනු ලබනවා. සෑම නීතිරීතියක් ම අවංක හා විනිවිද පෙනෙන, සෑම කෙනෙකුටම සමාන වෙන ආකාරයට ගොඩ නැගිය යුතුයි.. ඒ සඳහා ජනතාව වෙනුවෙන් සේවය කරන ජනතාවක් අපට අවශ්‍යයි “යයි පඔහු තවදුරටත් පවසනවා.

දේශපාලනය පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති සෙලෙන්ස්කි එරට රූපවාහිනි නාලිකාවක විකාශය වන සර්වන්ට් ඔෆ් ද පීපල් නමැති ප්‍රහසන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් ප්‍රසිද්ධියට පත් වූ අතර විශේෂත්වය වන්නේ ඔහු එහි පෙනී සිටින්නේ ද ජනාධිපතිවරයෙකුගේ චරිතයකට වීමයි.

යුක්රේන හිටපු ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමොෂෙන්කෝ සමග තරග වදිමින් සෙලෙන්ස්කි මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම ද විශේෂත්වයකි. සෙලෙන්ස්කි සිය ජයග්‍රහණය තහවුරුවීමෙන් පසු ප්‍රකාශ කළේ තමන් ජනතාවට ස්තුතිවන්ත වන බවයි. යුක්රේන ජනතාව මෙය විහිළුවකට ගෙන නොමැති බවත්, කෙසේ වෙතත් මෙය ආරම්භය පමණක් වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here