Home World “මට ජන්ද 5 යි ලැබුනේ” කියා හැඬු අපේක්ෂකයාගේ සත්‍ය කතාව (VIDEO)

“මට ජන්ද 5 යි ලැබුනේ” කියා හැඬු අපේක්ෂකයාගේ සත්‍ය කතාව (VIDEO)

556
0

පසුගියදා අවසන් වූ ඉන්දීය මහමැතිවරණයේදී පන්ජාබ් ප්‍රාන්තයේ ජලන්ධාර් ප්‍රාන්තයෙන් ලෝක් සභාව සදහා තරඟ වැදුනු Neetu Shutteran Wala නමැති අපේක්ෂකයා ප්‍රතිපල ප්‍රකාශයට පත්වීමත් සමඟ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත්තා.

ඒ පවුලේ සාමාජිකයින් 09 දෙනෙකුට ජන්ද බලය හිමිව තිබියදී ඔහුට හිමිව ඇත්තේ ජන්ද පහක් පමණක් බව පවසමින් මාධ්‍යවේදියෙකු ඉදිරියේ හඬා වැටෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟයි.

සිය කොට්ඨාශයේ මැතිවරණ ප්‍රතිපල ගණනය කරන අවස්ථාවේදී යම් අකටයුත්තක් සිදුවූ බවට ඔහු එහිදී චෝදනා කලා. ඔහු ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වුණා.

කෙසේ වෙතත් අවසන් ප්‍රතිපල සටහන නිකුත් කල පසුව Neetu Shutteran Wala විසින් ජන්ද 856ක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here