Home Hit මුස්ලිම්වරු නැති මෝදි ගේ රජය?

මුස්ලිම්වරු නැති මෝදි ගේ රජය?

766
0

පසුගිය දා අවසන් වූ ඉන්දිය මහ මැතිවරණයේ උණුසුම තවමත් පහව ගොස් නැත.  ඉන්දීය මහ මැතිවරණය මෙවර අවසන් වූයේ හිටපු අගමැති නරේන්ද්‍ර සිං මෝදිට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමිනි. සුවිශේෂී ලෙස බහුතරය  දිනා ගත් මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය මෙවර තවත් කාරණාවක් නිසා කතාබහට ලක් වනු දැකිය හැකිය. එනම් , මෝදි ගේ ජයග්‍රහණය තුළ මෙවර කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකු ඇතුළත්ව නොතිබීමයි. තවත් ආකාරයකට කිව හොත් මෝදි ගේ රජයේ කිසිදු මුස්ලිම් නියෝජිතයකු දක්නට නොලැබීමයි.

17 වන ලෝක් සභාවේ මුස්ලිම් නියෝජන 2014 වසරට වඩා හතරකින් වැඩි වී තිබේ. එනම් , 2014 වසරේ එය නියෝජිතයින් 23 පමණක් විය. මෙවර එය 27 දක් වා වැඩි වී තිබේ.නමුත් විශේෂත්ව ය වන්නේ මොවුන් කිසිවෙක් මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් පත් වී නොසිටීමයි. ඔවුන් සියල්ලෝ ම කොන්ග්‍රස් පක්ෂය හා Trinamool කොන්ග්‍රස් පක්ෂය නියෝජනය කරනු ලැබූවෝ වෙති.

ලෝක් සභාව සදහා වැඩිම මුස්ලිම් නියෝජිතයින් සංඛ්‍යාවක් පත් වූ වසර වන්නෙ 1980 වසරයි. එනම්, 49 ක් වූ  මුස්ලිම් නියෝජිතයින් ලෝක් සභාව නියෝජනය කළ හ.

මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණය සදහා මුස්ලිම් නියෝජිතයින් ඉදිරිපත් කරනු ලැබුවේ 6 ක් පමණකි. එනම්, කාශ්මීරය සදහා 3 ක් ද, බටහිර බෙංගාලය සදහා 2 ක් ද, ලක්ෂ්ද්වීප් සදහා එක් අයකු ද වශයෙනි. නමුත් ඔවුන් කිසිවෙකුට තමන්ගේ ප්‍රාන්ත ජයගහ්‍රණය කිරීමට හැකියාව ලැබී නැත.

උත්තර ප්‍රදේශය හා බටහිට බෙංගාලය යනු සැලකිය යුතු මුස්ලිම් පනතාවක් වාසය කරන ප්‍රදේශ වුවද මෙවර කොන්ග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයින් හය දෙනාගෙන් එක් අයකුටවත් ජයග්‍රහණය කරන්නට හැකි වී නොමැත. බටහිර බෙංගාලයෙන් පමණක් කොන්ග්‍රසය නියෝජනය කළ හය දෙනෙක් ලෝක් සභාව වෙත තේරී පත් වී සිටිති.  මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු කාශ්මීර් ප්‍රදේශ වල පවා ලෝක් සභාව නියෝජන කිරීමට අවස්තාව ලබා ඇත්තේ අපේක්ෂකයන් 3 දෙනෙකු පමණකි. 2014 දී බිහාර් ප්‍රාන්තයෙන් මුස්ලිම් නියෝජිතයන් හතර දෙනෙකු ලෝක් සභාව වෙත යවා තිබුණ ද එය මෙවර දෙක දක්වා අඩු වී තිබෙනු දැකිය හැකිය.

එමෙන් ම කේරළ ප්‍රාන්තයෙන් මුස්ලිම් නියෝජිතයන් 3 ක් ද, අසාම් ප්‍රාන්තයෙන් 2 ක් ද ආදී වශයෙන් මුස්ලිම්නියෝජනය අඩු වී ඇති ආකාරය දැකිය හැකි ය. ඉන්දියාවේ ජනගහණයෙන් 10.5% මුස්ලිම්වරු වුවද ඔවුන්ගෙන් ලෝක්සභා නියෝජනය 4.2% තරම් අඩු අගයක් ගනී.

2014 වර්ෂයේ සිට මෝදි ගේ රජය මුස්ලිම්වරුන් කොන් කරන තත්ත්වයක් පවතින බවට චෝදනාවක් නැගෙමින් පැවතුනි. මෙවර ලෝක් සභා මතිවරණයේ භරතීය ජනතා පක්ෂයේ සං‍යුතිය දෙස බැලීමේදී පෙනී යන්නේ එහි කිසියම් සත්‍යතාවක් පවතින බවයි. මෝදි ගේ රජය යටතේ මුස්ලිම් ප්‍රචණ්ඩතවය “ ගව ආරක්ෂණය”  යන අලුත් තේමාවක් යටතේ ක්‍රියාතමක වී තිබුනි. මෙය කෙළීන් ම මුස්ලිම් ජනයා ඉලක්ක කර ගත් ක්‍රියාවලියක් වූ අතර  ගව වෙළදාමට සම්බන්ද මුස්ලිම්වරුන්ට නිරන්තර පහර දීම් හා නඩු පැවරීම්

දැකිය හැකි විය.  2012 සිට ගව වෙළදාම සම්බන්ද සිද්දි වලට අදාලව 46 දෙනෙකු ඝාතනය කර ඇති අතර එයින් 56% දෙනෙකු මුස්ලිම්වරුන් වේ.

මෝදි විසින් ප්‍රජාත්‍රන්තවාදී පාලනයකට මාරගය විවර කරන බවට පැවසුවද ඉන්දියාවේ මුස්ලිම්වරුන් ගේ නියෝජනය එන්න එන්නම අඩු වන බවක් පෙනෙන්නට තිබේ. දේශපාලන විශ්ලේෂක ගිල්ස් වර්නියර් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ මුස්ලිම් විරෝදී මනෝභාවය නිසා මුස්ලිම් අපේෂකයන් ප්‍රමාණය අඩු වීමට එය එක් හෙතුවක් වන්නට ඇති බවයි.

කෙසේ වුවද තවත් වසර පහකට මෝදී පාලනයේ ඔහු ගේ බහුතර ජයග්‍රහණය තූළ කිසිදු මුස්ලිම් නියෝජිතයකු නොමැත යන සත්‍යය අපට පීලීගැනීමට සිදු වී තිබේ. මුස්ලිම් විරෝදී භාරතීය ජනතා පක්ෂය හරහා පාලනය වන අනාගත ඉන්දියාවේ දේශපාලන සමාජ ක්‍රිඅයාවලිය තුළ එරට මුස්ලිම්වරු ගේ අනාගතය කෙබදු වේද යන්න ගැටළුවකි. එලෙසම, මුස්ලිම් සහයක් නොමැති ව මෝදි විසින් පිහිටවූ රජය තුළ ප්‍රජාත්‍රන්තවාදය කෙතරම් දුරට රැකේ ද යන්න පිළිබදවද ප්‍රශ්නාර්තයක් ලෝක දේශපාලනය ඉදිරිපිට ඉතිරි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here