Home Hit විවෘත කිරීමේ උත්සවයක් හදිසියේ නතර කළ ඇමති අර්ජුනගෙන් නිලධාරීන්ට දොස්

විවෘත කිරීමේ උත්සවයක් හදිසියේ නතර කළ ඇමති අර්ජුනගෙන් නිලධාරීන්ට දොස්

479
0

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙහි ගම්පහ මධ්‍යස්ථානය පිහිටා තිබු ස්ථානයෙන්, නව ස්ථානයක ස්ථාපනය කිරීම අද (27) ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

කෙසේ වෙතත් මෙහිදී සේවය ලබා ගැනීමට පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට දැඩිසේ චෝදනා කර තිබෙනවා.

ගම්පහ කච්චේරිය ඉදිරිපිට පිහිටා තිබු වෛද්‍ය මධ්‍යස්ථානය එතැන් සිට කිලෝමීටරයක පමණ දුරක අතුරු මාර්ගයක පිහිටි පෞද්ගලික නිවසක අලුතින් ස්ථාපනය කරනු ලැබුවා.

එම අවස්ථාවේ සේවාවන් ලබාගැනීම පිණිස පැමිණ සිටි 400ක පමණ පිරිසක් දැඩි අව් රශ්මියේ සිටිනු දුටු අමාත්‍යවරයා දැඩිසේ කෝපයට පත්ව පැවැත්වීමට නියමිතව තිබූ උත්සව සභාව ද අවශ්‍ය නොවන බව පවසමින් පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දොස් පවරා තිබෙනවා.

නිලධාරීන්ගේ කාර්යාල වායු සමීකරණය කර ගනිමින් මෙහි සේවය ලබාගැනීමට පැමිණෙන අයට පහසුකම් ඇති නොකිරීම නොවිය යුත්තක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

ජනතාව වෙනුවෙන් නිසියාකාරයෙන් කටයුතු කිරීමට නොහැකි නිලධාරීන් තමන්ට අවශ්‍ය නොවන බවද ඔහු එහිදී කියා සිටියා.

දින 03ක් තුළ සේවය ලබා ගැනීමට පැමිණෙන අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දුන් අතර නිලධාරීන් නිසියාකාරයෙන් කටයුතු නොකිරීමෙන් ජනතාව රජයට දොස් පවරන බවද කියා සිටියා.

තිලකරත්න දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here