Home Hit “සහරාන් ගැන ත්‍රස්ත විමර්ශණ ඒකකය දැන සිටියා” (Sunday Times විශේෂ හෙළිදරව්ව...

“සහරාන් ගැන ත්‍රස්ත විමර්ශණ ඒකකය දැන සිටියා” (Sunday Times විශේෂ හෙළිදරව්ව )

1257
0

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙවත් ජාතික තව්හිද් ජමාත් (NTJ) සංවිධානයේ නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සදහා 2018 වසරේ අගෝස්තු මාසයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කල තිබුනත් ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදුවෙමින් තිබියදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සිදුකල බවට චෝදනා එල්ල කරමින් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය (TID) භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව අත්අඩංගුවට ගැනීම නිසා විමර්ශණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

සහරාන් හෂීම් අන්තර්ජාලය හරහා වාර්ගික අසමගිය වර්ධනය කරන තොරතුරු බෙදාහරින බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවන්හී නිරත වන බවත් චෝදනා කරමින් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් 2018 වසරේ ජූලි 2 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත “බී” වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත. එම “බී” වාර්තාව පදනම් කරගනිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

සහරාන් හසීම් පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය සහ ආගමන – විගමන නිලධාරීන් දැනුවත් කරමින් නිල් නිවේදනයක් (Blue notice) නිකුත් කරන ලෙසටද ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සදහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සෘජුව සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් පසුගියදා ඔහුව ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කලා.

එම පුවත් වාර්තාව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here