Home Local නැගෙනහිර සරසවියේ 2017/18 අධ්‍යන වර්ෂයේ අධ්‍යන කටයුතු 28 සිට ඇරඹෙයි

නැගෙනහිර සරසවියේ 2017/18 අධ්‍යන වර්ෂයේ අධ්‍යන කටයුතු 28 සිට ඇරඹෙයි

267
0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2017/18 අධ්‍යන වර්ෂයේ අධ්‍යන කටයුතු 28 වනදා සිට ආරම්භ කරන බව මණ්ඩපාධිපති මහාචාර්ය වි.කනකසිංහම් පවසනවා.

ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යාන පිඨය, ව්‍යාවාරික පීඨය හා සිද්ධ ආයුර්වේද ඒකකය යන පීඨ හා ඒකකවල 2017/18 අධ්‍යන වර්ෂයේ සිසුන් හෙට (27) පස්වරු 06ට පෙර නේවාසිකාගාර වලට පැමිණිය යුතු බවයි මණ්ඩපාධිපතිවරයා සදහන් කලේ.

අනෙක් අධ්‍යන වර්ෂ වල පාඨමාලා ඉකුත් 22 වනදා සිට ආරම්භ කල අතර සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක තිබු අතර සිසුන්ගේ පැමිණිමේ වර්ධනයක් දිනෙන් දින දැකගත හැක බවයි මණ්ඩපාධිපතිවරයා කියා සිටියේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලය මණ්ඩපයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතිබව ද මණ්ඩපාධිපතිවරයා තවදුරටත් කියා සිටියා.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here