Home Local ”මෙගලිතික සොහොන්” හමුවීමෙන් නිවාස යෝජනා ක්‍රමයක ඉදිකිරීම් නවතයි – PHOTOS

”මෙගලිතික සොහොන්” හමුවීමෙන් නිවාස යෝජනා ක්‍රමයක ඉදිකිරීම් නවතයි – PHOTOS

477
0

ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වල්ලුවර් කොට්ටන් නිවාස යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ නිවාස ඉදිකිරිමේදි ආදි මානවයන්ගේ ශිෂ්ඨාචාරයක් සහිත ”මෙගලිතික සොහොන්” කිහිපයක් හමුවිම නිසා එම ප්‍රදේශයේ ඉදිකිරිම් නැවැත්විමට පියවර ගත්බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වසර 3000කට වඩා පැරණි මෙම සොහොන් අතරින් දැනට සොහොන් 12ක නටඹුන් මතුවි ඇති බවත් නිවාස ඉදිකිරිම සදහා නොදැනුවත්කමින් සොහොන් 05ක ගල් ගලවා ඉවත් කර පසෙක ගොඩගසා ඇති බවත් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස සඳහන් කර සිටියා.

ඇතැම් සොහොන් වලට නිදන් හොරු හානි කර ඇති බව කී අධ්‍යක්ෂවරයා සමහර සොහොන් තවමත් සුරක්ෂිතව පවතින බවද දක්නට ඇතැයි කියා සිටියා.

මෙගලිතික සොහොන් යනුවෙන් හදුන්වන ආදි මානවයාගේ මෙවැනි සොහොන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාංඔය, මහින්දපුර ආදි ප්‍රදේශ වලින් මුලින් හමු වි ඇති අතර වල්ලුවර් කොට්ට්න් වලින් හමු වු තුන්වැනි ස්ථානය මෙයයි.

මෙවැනි ඉදිකිරිම් සිදුකිරිමේදි පුරාවිද්‍යා වාර්තාවක් කැදවිය යුතු වුවත් එම නීති රාමුවෙන් පිට මෙම කටයුතු සිදුකර තිබිම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කල බවද සහකර අධ්‍යක්ෂවරයා කියා සිටියා.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here