Home Hit UPDATE : පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරු මියන්මාරයේදී අත්අඩංගුවට

UPDATE : පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරු මියන්මාරයේදී අත්අඩංගුවට

441
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයා මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමති 39 හැවිරිදි මොහු සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත ඊයේ (23) පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මියන්මාර සංචාරක පොලීසිය බදාදා දිනයේ එරට සියළුම හෝටල් සහ සංචාරක නිකේතන වෙත දැනුම් දීමක් කර තිබුණා.

2018 වසරේ ජනවාරි මාසයේ සංචාරක වීසා මත මියන්මාරයට ගොස් ඇති මොහු නැවතත් එරටින් පිට වූ බවක් වාර්තා වී නැහැ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සැකකරුවෙකු සොයා මියන්මාරයේ මෙහෙයුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here