Home Hit පරිසර සතියක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

පරිසර සතියක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

354
0

ජුනි මස 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

එම සතිය තුළ පරිසරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් හා කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරීයේ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

පොලිතින් තහනම, වාහන වල අධික ශබ්දය සහිත නළා තහනම් කිරීම, පරිසර පොලීසිය ශක්තිමත් කිරීම ආදි පරිසර සංරක්ෂණ වෙනුවෙන් රජය පසුගිය දිනවල ගත් වැදගත් තීන්දු හා ඊට අදාළව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here