Home Hit ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදි ප්‍රාන්ත රැසක ඉදිරියෙන්

ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදි ප්‍රාන්ත රැසක ඉදිරියෙන්

288
0

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද (23) නිකුත්කිරීමට නියමිතව තිබෙනවා.

මහ මැතිවරණයේ මෙතෙක් ගණනය කර ඇති ඡන්ද ප්‍රතිපල අනුව හිටපු අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පෙරමුණ ගෙන සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රාන්ත රැසක ඔවුන් ඉදිරියෙන් සිටින බව ඉන්දීය වාර්තාවල සඳහන්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ගෞතම් ගාම්භීර් ද නැගෙනහිර දිල්ලි ඡන්ද කොට්ඨාශයෙන් පෙරමුණේ පසුවන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් කිසිදු ආසනයක නිල ඡන්ද ප්‍රතිපල මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන්.

2014 වසරේදී ආසන 282ක බලය තහවුරුකරගත් හිටපු අගමැති මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ලැබූ ජය සටහන් වූයේ, දශක 03කට පසු ඉන්දීය පක්ෂයක් වාර්තාකළ විශාලතම ජයග්‍රහණය ලෙසයි .

කොංග්‍රස් පක්ෂය එහිදී ආසන 44ක් පමණක් දිනාගත් අතර එම පක්ෂය මැතිවරණ ඉතිහාසය තුළ ලැබූ විශාලතම පරාජය ලෙස එය සටහන්ව තිබුණා.

මෙවර මැතිවරණයට දේශපාලන පක්ෂ 670ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් 8000කට වැඩි පිරිසක් සහභාගී වී සිටි අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ,මෙවර මැතිවරණ ප්‍රතිඵල අදියර වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙන බවයි .

කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵල අද පස්වරුවේ හෝ හෙට අලුයම නිකුත් කෙරෙනු ඇති .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here