Home Hit ලාංකීය අභිමානය ඔක්ස්ෆර්ඩ් සරසවියේ මුද්‍රා තැබූ ගැහැණිය; ආශා ඩි වෝස්

ලාංකීය අභිමානය ඔක්ස්ෆර්ඩ් සරසවියේ මුද්‍රා තැබූ ගැහැණිය; ආශා ඩි වෝස්

593
0

උතුරු ඉන්දියානු සාගරයේ සාගර ජීව විද්‍යාඥයකු වන, සාගර අද්‍යාපනඥයකු වන සහ උතුරු ඉන්දියානු සාගරයේ නිල් තල්මසුන් පිළිබද පර්යේෂණ පැවැත්වීම ආදිය හරහා ශ්‍රී ලංකාව ට ආඩම්බරයක් වී ඇති ලාංකික දියණියක් වන ආශා අපේ කුඩා දිවයින වෙනුවෙන් ලැබූ මීළග සාඩම්බර අවස්තාව වන්නේ ඔක්ස්ෆර්ඩ්ගේ ලින්කන් විද්‍යාලයේ 15 වන ශතවර්ෂ ශාලාවෙහි ඇගේ ප්‍රතිමූර්තියක් තැබූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වීම යි. මේ ඒ ආශා ඩි වොස් ගේ කතාවයි.

පටන් ගත්ත හැටි…
ස්කොට්ලන්තයේ සාගර හා පාරිසරික අද්‍යයන පිළිබඳ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ව , ආශා නවසීලන්තයට ගිය අතර ඇය එහි දී පර්යේෂණ කටයුතු සඳහා ස්වේච්ඡවෙන් සහභාගි වූවා ය . කූඩාරමක ජීවත් වූ ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ MSc උපාධිය සඳහා ඇතුලු වීම වෙනුවෙන් වැඩ කරමින් සිටියාය. පසුකාලීනව අත්හදා බැලීම් පිටපත් කිරීම් යන කාර්යන් සදහා බොහෝ දුෂ්කර දවස් සහ රාත්‍රීන් වලින් පසුව ඇයගේ අයදුම් පත්‍රය පිටත් කර ගැනීමට ආශා ට හැකි විය. ඉන් මාස කිහිපයකට පසු ඇය සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබීය. ඇය අවසානයේ කලකිරීමට පත් වූ අතර ඇය ගෙන් පටශ්න අසනු ලැබුවේඇසීම සඳහා පුරුෂයින්ගෙන් යුත් කමිටුවක් ඉදිරිපිටය.. කෙසේ වෙතත්, ආශා ඇයගේ අලුත් දේවල් ඉගන ගැනීමේ හා මෙම විශය ක්ෂේත්‍රය පිළිබදව ඇති දැඩි උවමනාව ඔවුන් ඉදිරියේ ඉදිරිපත් කිරීමට ස්මත් වූවා ය. පසුව ඇයව විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලද අතර සමෝධානික ජීව විද්‍යාවන්හි උපාධිධාරියෙකු ලෙස ඇය ගමන ආරම්භ කළා ය.

ලින්කන් ඔක්ස්ෆර්ඩ් සරසවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් විශ්ව විද්‍යාලය තම ආයතනය තුළ කැපී පෙනෙන කාන්තාවන් 20 ක් ගේ සේයාරූ 15 වන ශතවර්ෂ ශාලාවේ නිර්මාණය කිරීමට කටයුතු කර ඇති අතර දශක 4 කට වැඩි කාලයක් තිස්සේ ආයතනයේ කැපී පෙනෙන කාන්තාවන්ගෙන් තෝරාගත් 20 දෙනා අතරට, ධෛර්යසම්පන්න ආශා ඩි වොස් ද ඇතුළත් ව සිටියා ය. සදහන් වන ආකාරයට ඇය ලෝකයේ විශ්වවිද්‍යාලයක සේයාරුවක් සදහා තෝරා ගනු ලැබූ පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි.

ඇය මෙම සරසවියේ ඉගන ගත් කාලය වසරක් පමණ වුවත් ඇය එම කාලය තුලදී වඩා කැපීපෙනෙන චරිතයක් බවට පත් වී තිබුණි. ඇයට ශාන්ත ඇන්ඩෲ විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් උපාදි හිමි වී තිබුණත් ඇය ඇද්‍යාපන කටයුතු වලින් බැහරව ලාභ නොලබන වැඩකටයුත්තක් වෙනුවෙන් කාලය යොදවා තිබුණි. එය හැදින්වූයේ ඕශන්වෙල් නමිනි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ හා අද්‍යාපන ආයතනය වන අතර නිල් තල්මසුන් පිළිබඳ ප්‍රථම දිගුකාලීන අද්‍යනයක් කල ආයතනය ද වේ. ඇය ගේ මෙම වැඩසටහන් බොහෝ පර්‍යෙෂණ හා ප්‍රකාශන සදහා දේශීය හා ගෝලිය මට්ටමින් ප්‍රතිපත්ති හා දැනුවත් කිරීම් සදහා භාවිත කර ඇත. ඇයගේ වැඩ කටයුතු ජාත්‍යන්තර වශයෙන් ඕස්ට්‍රේලියාවේ චැනල් 7, බීබීසී, නිව් යෝර්ක් ටයිම්ස්, සීඑන්එන්, WIRED UK, නිව් සයන්ටිස්ට්, TED, Grist, GOOD, නේචර් සහ ජාතික ජියෝග්‍රැෆික් විසින් විකාශනය කර ඇත.

නාවුක ක්ෂීරපායි පර්‍යෙෂණ සදහා ආචාර්‍ය උපාදියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා වන්නේද ඇය යි. එමෙන් ම සමුද්‍ර සං‍රක්ශනයේ අරම්භක සාමාජිකාවක් ද වන ඇය ඒ සදහා මේ කුඩා දිවයිනෙන් දායක වන පළමු භූගෝලිය පර්‍යෙෂකයා ද වේ.

වර්ෂ 2018 දී ආශා ප්‍රකට Wight WorldQuest Woman of Discovery සඟරාව මගින් පිළිගත් සම්මානයකින් පිදුම් ලැබීය.ැය එක්සත් රාජධානියේ ඇලුමිනි සම්මාන උළෙල සඳහා ගෝලීය ජයග්‍රහකයෙක් වූ අතර, වසරේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලද අද දෙරණ ශ්‍රී ලාංකිකයා බවට පත් වූවා ය. ආසියාවේ තිරසාරභාවයේ සුපිරි කාන්තාව ලෙසින් නම් කරන ලද ඇය BBC 100 කාන්තා 2018 ලැයිස්තුවේ ලොව වටා සිටින බලවත්ම කාන්තාවගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. වසර. 2019 දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් වෙනස්වීම් නිර්මානය කල කාන්තාවන් 12 දෙනාගෙන් එක් අයෙකු ලෙස නම් කරන ලදී. වර්තමාන සමුද්‍ර සංරක්ෂණ ආකෘතිය වෙනස් කිරීම සඳහා ආශාගේ කාර්යය අරමුණු කරගනිමින්, නිල් තල්මසුන්ගේ ජනගහනය ආරක්ෂා කිරීම සහ විවිධ සාගර සං‍රක්ෂකයන් ගේ ඊලඟ පරම්පරාව නිර්මාණය කිරීම, ආදී සුවිශාල කාර්‍යන් රැසකට මුල් වී සිටින ආශා අපේ කාලය තුළ වඩාත් සුවිශේෂී කාන්තාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here