Home Hit මෝදි සමග භාරතය: ඉන්දියානු මහ මැතිවරණය 2019

මෝදි සමග භාරතය: ඉන්දියානු මහ මැතිවරණය 2019

548
0

අප ගේ අසල්වැසි ඉන්දියාවේ 17 වන ලෝක් සභාව වෙනුවෙන් 2019 ඉන්දියානු මහ මැතිවරණය අප්‍රේල් 11 සිට මැයි 19 කාලය තුළ අදියර හතකින් පැවැත්වේ. ඡන්ද ගණන් කිරීම මැයි 23 වන දින පවත්වනු ලබන අතර එදිනම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඉන්දියානු පුරවැසියන් මිලියන 900 ක් පමණ ප්‍රදේශය මත පදනම්ව අදියර හතෙන් එකකට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදසුකම් ලබා සිටිති. 2019 මැතිවරණය, ඉන්දියානු මහ මැතිවරණ ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් චන්දය භාවිතා කළ මැතිවරණය ලෙස වාර්තා වූ අතර එය 67% කටත් වැඩි සංඛ්‍යාවක් වේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, නාරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය මුල් මිනිත්තු 90 ගණනය කිරීමෙන් පසු මුල් භාගයේදී දැඩි ලෙස පෙරමුණ ගෙන සිටියේ ය. මැතිවරණ කොට්ඨාශ 542 අතුරින් 470 ක් සඳහා ඉන්දියානු මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද මුලික නිල වාර්තාවලට අනුව, භාරතීය ජනතා පක්ෂයේ 256 ක්, ඉන්දියානු ජාතික කොන්ග්රස් පක්ෂයේ 52 ක් නායකත්වය දුන් අතර ඔවුන්ගේ සන්ධාන හවුල්කරුවන් හා නොබැඳි පක්ෂ 162 ක් නායකත්වය දුන්නේය .

ඉන්දියාවේ චන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලැබූවන් වයස අවුරුදු 18 වැඩි වූවන් විය යුතු ය. මැතිවරණ කොට්ඨාශයේ පදිංචිකරුවෙකුවිය යුතු අතර ඉන්දියානු මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද වලංගු ඡන්දදායක හැඳුනුම්පතක් තිබිය යුතු ය. මැතිවරණ හෝ වෙනත් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවකුට ඡන්දය දීමට හැකියාවක් නොමැත.

අදියර හතකින් සමන්විත ලෝකයේ දීර්ඝතම මහ මැතිවරණ ක්‍රියාවලිය ලෙස හදුන්වන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රකාශයට පත් වූ චන්ද මිලියන 600 ක් මේ වන විට ගණ්නය කරමින් පවතී. මෙවර මහ මැතිවරණය සදහා ලියාපදිංචි චන්ද දායකයන් කෝටි 90 ක් ප්‍රාන්ත 29 ක් හා ෆෙඩරල් භෞමික ඒකක 7 ක් මෙන් ම ලියාපදිංචි දේශපාලන පක්ෂ 2,347 ක් ඉදිරිපත් වී ඇත.

මේ අනුව මෙවර ඉන්දියානු මහමැතිවරණය සදහා භාරතීය ජනතා පක්ෂයෙන් (BJP) වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි හා ඉන්දියානු ජාතික කොන්ග්‍රසයෙන් (INC) රාහුල් ගාන්දි ද ඉදිරිපත් වූ හ. මෙමඅපේක්ෂකයන් ට ඉන්දියානු ලෝක් සභාවේ මුළු ආසන 545 න් බහුතරය සදහා ආසන 272 ක් ලබා ගැනීමට සිදු වේ.

ඉන්දියාව යනු ද්වි මාණ්ඩඉක පාර්ලිමේන්තු ව්‍යූහයක් සහිත රටකි. මෙම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ආරම්භය වන්නේ ග්‍රීසියයි. මෙම ව්‍යවස්තාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය රාජ්‍ය සභාව ලෙස හදුන්වන අතර එහි මන්ත්‍රී ආසන 245 ක් තිබේ. එයින් 12 ක් ඉන්දීය ජනාදිපතිවරයා විසින් පත් කරනු ලබයි. මෙම ව්‍යවස්තාදායකයේ වැදගත්ම කොටස වන්නේ මහමැතිවරණයකින් මහජන චන්දයෙන් පත්වන ලෝක් සභාවයි. මෙහි මන්ත්‍රී දූර 545 ක් තිබෙන අතර එයින් දෙකක් ඇන්ග්ලෝ ඉන්දියානුවන් වෙනුවෙන් වෙන් කර තිබේ.ඉතිරි මන්ත්‍රී දූර 543 සදහා මහ මැතිවරණයෙන් පුද්ගලයන් පත් කරනු ලැබේ. මෙහි බහුතරය ලබා ගැනීමට නම් ආසන 272 ක් ල්බා ගත යුතු ය.

2014 ඉන්දියානු මහ මැතිවරණය සමග සැසදීමේදී භාරතීය ජනතා පක්ෂය හුදකලාව ආසන 269 ක් දිනා ගත් අතර සෙසු පක්ෂ 9 ක සහයෙන් ආසන 336 ක ප්‍රබල රජයක් පිහිටුවීමට සමත් වී තිබුණි. මෙවර ප්‍රතිපල දෙස බැලීමේදී ද පෙනී යන්නේ මෝදි නායකතවය දරන භාරතීය ජනතා පක්ෂය පෙරමූනේ සිටින බවයි.

ඒ අනුව ඉදිරි පස් වසර තුළ ලොව විශාලතම ප්‍රජාතන්ත්රවාදය සහිත රට පාලනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විට පැහැදිළි අනුමානයක් ලබා ගැනීමට හැකි වී ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්ර මෝඩි බහුතර ආසන ප්‍රමාණය දිනාගැනීමෙන් පසු තවත් වසර පහක් සදහා ඉන්දියාවේ අගමති දූරය හොබවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here