Home Local මධුමාධව අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් – විදෙස් ගමන් තහනම්

මධුමාධව අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් – විදෙස් ගමන් තහනම්

952
0

මිනුවන්ගොඩ වෙළෙඳ සැල් ගිනි තබමින් පසුගිය 13 වනදා ඇතිවුණු කලහාකාරී සිදුවීම්වල සැකකරුවකු ලෙස පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දව නම්කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කළ බවයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේ.

කළබල සිදුවූ 13 වනදා මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සැරිසැරූ අළු පැහැති ජිප් රථයක්ද කඩවත ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (21) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

එම ජිප් රථයේ හිමිකරු වන ව්‍යාපාරිකයා ද මේ වන විට සැගව සිටින බව පොලිසිය පවසන්නේ.

මධුමාධව අරවින්ද සමග ජිප් රථයේ හිමිකරු ඇතුළු කිහිප දෙනෙක් මිනුවන්ගොඩ නගරයට පැමිණ ගැටුම්වලට සම්බන්ධ වී ඇතැයි පොලිසිය සදහන් කරනවා.

පොලිසියට කට්ටි පනිමින් සිටින මධුමාධව අරවින්ද ඇතුළු ඔහුට හිතවත් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවාඇති අතර වැඩි දිනක් ඔවුන්ට සැගව සිටින්නට නොහැකි වනු ඇතැයි පොලිසිය පවසනවා.

මේ අතර මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඉකුත් 13 වනදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු සිව්දෙනෙකුට මිනුවන්ගොඩ අධිකරණය විසින් ඊයේ (22) විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා එම විදෙස් ගමන් තහනම පනවා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේ.

ගයාන් කුමාර වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here