Home Local දිවයින හෙළි කළ වඳ දොස්තර ගැන ජවිපෙ නායක වාර්තාවක් ඉල්ලයි

දිවයින හෙළි කළ වඳ දොස්තර ගැන ජවිපෙ නායක වාර්තාවක් ඉල්ලයි

556
0

”සිසේරියන් සැත්කම් වලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ කරලා” ලෙස පුවතක් අද (23) දිවයින පුවත්පත ඔස්සේ හෙළිදරව් කර ඇති අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් එය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

එම පුවත උපුටා දක්වමින් අනුර කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ පුවත සත්‍ය නම් තත්වය බරපතල බවත් එමඟින් ජනතාව අතර විශාල සැකයක්, ගැටුමක් ඇතිකළ හැකි තත්වයක් බවයි.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර මන්ත්‍රීවරයා,

”රජය හැටියට මේ තොරතුරු සත්‍යද, මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා වී තිබෙනවාද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් කරනවාද එසේ නැතිනම් මෙවැනි ජාතිවාදී මතවාද පැතිරීම සමබන්ධයෙන් තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තුවට කරුණු දක්වනවාද යන්න දැනගන්නට කැමතියි ගරු කතානායකතුමනි.”

ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා සඳහන් කළේ, බුද්ධි අංශ ප්‍රධානීන්ටත් පොලිස්පතිවරයාටත් තමන් කතා කළ බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ප්‍රකාශ කළ බවයි.

කතානායකවරා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ තවත් තවුහිද් සාමාජිකයෙකු සිටින බවට එම පුවත්පත විසින්ම කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ද තමා සොයා බැලූ බවත් එවැන්නක් ද තහවුරු වී නොමැති අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි.

ආණ්ඩුවක් ලෙස මේ බරපතල තත්වය සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවට වාර්තාවක් කැඳවන ලෙසයි අනුර කුමාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here