Home Hit ත්‍රිවිධ හමුදාවේ දීමනා ඉහළට

ත්‍රිවිධ හමුදාවේ දීමනා ඉහළට

657
0

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරින්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැත.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුපට අමතරව නිලධාරින් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 23,231 දක්වා ද , සෙසු නිලයන්ගේ මාසික දීමනාව රුපියල් 19,355 දක්වා ද වැඩිකර ඇති බවයි.

එයට අමතරව ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන ගෙවල් කුලී දිමනාව ද දෙගුණ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here