Home Hit රාජ්‍ය භාෂා දිනයට කැබිනට් අනුමැතිය

රාජ්‍ය භාෂා දිනයට කැබිනට් අනුමැතිය

393
0

රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමීව රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති අනුව සිංහල හා දමිල භාෂා, රාජ්‍ය හා ජාතික භාෂා ලෙසත් ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙසත් භාවිත කරනු ලබන අතර එමඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තවදුරටත් ඉස්මතු වීම සඳහා රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමී සතියක් ප්‍රකාශයට පත්කොට වාර්ෂිකව සැමරීම සුදුසු බවයි යෝජනා වී ඇත්තේ.

රාජ්‍ය ආයතනවල ද්වි භාෂා, සමසේවා අවස්ථා වැඩිදියුණු කිරීම, සියලු ජන කොටස් අතර සම අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් විෂමතා පිටුදැකීම, තිරසර සාමය හා සංහිඳියාව අගය කරන සමාජයක් නිර්මාණය කිරීම මෙමඟින් අපේක්ෂිතයි.

ඒ අනුව ජුනි මස 03 වනදා ”රාජ්‍ය භාෂා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට හා එදින සිට පුරා සතියක් ”රාජ්‍ය භාෂා සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඒකබද්ධතා, රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් විසින් ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය භාෂා සතිය තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන්හි පූර්ණ දායකත්වය යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here