Home Local සෝයා ව්‍යාංජනයේ කැබැලි අතර සඟවා බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට උත්සාහ කළ...

සෝයා ව්‍යාංජනයේ කැබැලි අතර සඟවා බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට උත්සාහ කළ තරුණයකු අත්අඩංගුවට

174
0

බත් පාර්සලයක සෝයා ව්‍යාංජනයක කැබැලි අතර සඟවා හෙරොයින් මත්කුඩු අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කළ තරුණයකු සහ බත් පාර්සලයක දවටනයෙහි තවරා කුඩු කරන ලද ගංජා රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් ඊයේ (21) සමත් වුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු සහ කතරගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හමුවීමට පැමිණි මෙම තරුණයා සහ කාන්තාව රැගෙන පැමිණි ආහාර පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සහ කුඩුකරන ලද ගංජා සොයාගැනීමට නිලධාරීන් සමත්වුණා.

පිසින ලද සෝයා ව්‍යාංජනයක සෝයා කැබැලි දෙකට කපා පොලිතින් දවටනවල ඔතන ලද හෙරොයින් මත්කුඩු පැකට් 06ක් ඒ තුළ සඟවා තිබී ඇත.

හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 570ක් මෙලෙස බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර වියළි ගංජා කුඩු කර පල්පයක් ලෙස සකස්කර බත් පාර්සලයක දවටනයෙහි තවරා බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කර ඇති අතර ගංජා මිලිග්‍රෑම් 5670ක් මෙලෙස තිබී සොයාගනු ලැබුවා.

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීහු සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් අතර අඟුණකොළපෑලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here