Home Local විදෙස්ගත ලාංකිකයින් පිරිසකගෙන් යුධ හමුදාවට අරක්‍ෂක උපකරණ තොගයක් – PHOTOS

විදෙස්ගත ලාංකිකයින් පිරිසකගෙන් යුධ හමුදාවට අරක්‍ෂක උපකරණ තොගයක් – PHOTOS

899
0

එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් යුද්ධ හමුදාවට අරක්‍ෂක කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉල්ලීමකට අනුවයි එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් කාලීන ආරක්‍ෂක අවශ්‍යතාවය පිළිබඳ සැලකිල්ලට ගනිමින් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමෙ උපකරණ 20ක් ප්‍රදානය කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී මෙම උපකරණ තොගය සංකේතාත්මකව භාරදෙනු ලැබුවා.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2010 සිට 2015 දක්වා නිව්යෝක්හී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර හා තනාපති තනතුර හොබවන කාලයේ ඇතුවූ දිගුකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකරන ලද බව සඳහන්.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන්, මෙම උපකරණ තොගය දිවයිනපුරා යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලබන ආරක්‍ෂක කටයුතු විධිමත්ව සිදුකරගැනිම සඳහා බෙදාහැරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භාරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here