Home Local ප්‍රවේශපත්‍රයක් මිලදී ගන්න යැයි දැන්වූ විට මඟියා කොන්දොස්තරට ආයුධයකින් පහරදෙයි

ප්‍රවේශපත්‍රයක් මිලදී ගන්න යැයි දැන්වූ විට මඟියා කොන්දොස්තරට ආයුධයකින් පහරදෙයි

187
0

බස් රථයේ පැමිණි මගියකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා ලෙස දැනුම්දීම නිසා උරණ වූ පුද්ගලයකු විසින් කොන්දොස්තරවරයාට තියුණු ආයුධයකින් පහරදීම නිසා ඔහු ප්‍රතිකාර සඳහා ඊයේ (21) දහවල් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බෙලිඅත්ත සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය කෙරෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක සේවය කරන 40 හැවිරිදි කොන්දොස්තරවරයෙකි.

බෙලිඅත්ත සිට ඇඹිලිපිටිය බලා ධාවනය කෙරෙමින් තිබූ ලංගම බස් රථයක් තංගලුවෙල්යාය ප්‍රදේශය පසුකර යන අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරදීම සිදුකළ සැකකරු තංගල්ල නගරයේදී බස්රථයට ගොඩවී ඇති අතර ප්‍රවේශපත්‍රයක් මිලදී ගන්නා ලෙස මගීයාට දැන්වූ විට ඒ සම්බන්ධයෙන් උරණ වී ආරවුලක් ඇතිකරගත් සැකකරු කොන්දොස්තරවරයාගේ වම් අතට තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලිසිය පවසනවා.

සැකකරු එම අවස්ථාවේදී බස් රථයෙන් බැස පලාගොස් තිබූ අතර පහරදීමට උපයෝගී කරගත් තියුණු ආයුධය පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

සැකකරු තංගල්ල ධීවර වරායේ මසුන් කැපීමේ නිරත අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here