Home Hit ”ජනපති – අගමැති කියනවා නම් ඉල්ලා අස්වෙනවා” – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

”ජනපති – අගමැති කියනවා නම් ඉල්ලා අස්වෙනවා” – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

491
0

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පවසන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් කැබිනට් මණ්ඩලයේදි සඳහන් කර තිබෙනවා.

අමාත්‍යවරයාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු විශ්වාසභංගයට ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවත් එයට විරෝධය දක්වන බවත් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ පසු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර ප්‍රශ්නයක පැන නැගිම සම්බන්ධයෙන්ද තමන්ට එරෙහිව එජාපයේ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පිළිබඳවද ඔහු සිය බලවත් විරෝධය එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍ය බද්යුදීන්ගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here