Home Hit ග්‍රෑන්ඩ්පාස්වල ඇති වු ගැටුමින් චූටියා මරුට

ග්‍රෑන්ඩ්පාස්වල ඇති වු ගැටුමින් චූටියා මරුට

484
0

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වෙහෙරගොඩැල්ල කම්බි තොටුව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් මත පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

ඊයේ(21) රාත්‍රී 10.50 ට පමණ මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ආරවුල මත සිදු කල පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙක් පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වු ඔරුගොඩපුර, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි සුගත් ඉන්ද්‍රජිත් නොහොත් චුටියා යන අයෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මේ වන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here