Home Local ”අමෙරිකාව අපේ ශක්තිය අවතක්සේරු කරනවා” – හුවාවි නිර්මාතෘ

”අමෙරිකාව අපේ ශක්තිය අවතක්සේරු කරනවා” – හුවාවි නිර්මාතෘ

576
0

අමෙරිකා එක්සත් ජනපදය සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සාහ කරන බවත් අමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇති බවත් හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි පවසනවා.

අමෙරිකාව තුළ හුවාවි සමාගමේ ව්‍යාපාරික කටයුතු නැවැත්වීමටත් හුවාවි සමාගමට තහනමක් පැනවීමටත් එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දිනෙක පියවර ගනු ලැබුවා.

පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5G) හඳුන්වාදීමෙන් පසු හුවාවි සමාගම අනෙකුත් සමාගම්වලට දැඩි තරගයක් දෙමින් ඉදිරියට පැමිණි අතර අමෙරිකාව එම සමාගමට තහංචි පැනවීම එහි එක් පියවරක් යැයි ද ඇතැම් පාර්ශව සඳහන් කරනු ලැබුවා.

අමෙරිකාව හුවාවි සමාගමට සම්බාධක පැනවීමෙන් පසුව හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඞ් ඇතුළු ගූගල් සේවා හා පහසුකම් සැපයීම නවතා දැමීමටයි ගූගල් සමාගම තීරණය කළේ.

“අමෙරිකානු දේශපාලනඥයන්ගේ වත්මන් හැසිරීම අපේ ශක්තිය අවතක්සේරු කිරීමක්” යැයි හුවාවි රෙන් සඳහන් කර සිටිනවා.

ඉහත සිදුවීම්දාමයෙන් පසු චීන රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හුවාවි සමාගමේ නිර්මාතෘවරයා එම කරුණු සඳහන් කරනු ලැබුවා.

“හුවාවි සමාගමේ 5G තාක්ෂණයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. 5G තාක්ෂණය ගැන කිව්වොත් තවත් අවුරුදු තුන හතරක් යනකං අනෙක් කිසිවකුටවත් අපි අල්ල ගන්න බැහැ” යැයි යනුවෙන් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here