Home World ඕමානයේ විවාහයන්ගේ අඩුවක්

ඕමානයේ විවාහයන්ගේ අඩුවක්

107
0

ඕමානයේ විවාහයන් සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව එරට සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

2017 වර්ෂයේ 22,248ක් විවාහ ගිවිස ගෙන ඇති අතර 2018 වර්ෂයේදි එය 20, 000 දක්වා අඩු වී ඇති බවයි දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ.

ජනවාරි මාසයේ වැඩිම විවාහයන් සංඛ්‍යාවක් සිදුවන අතර දකුණුදිග අල්-බටීනා නගරයේ වැඩිම විවාහ සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබෙනවා.

2017 වර්ෂයේදි දිනකට විවාහයන් 61ක් සිදු වී ඇති අතර 2018 වනවිට 55ක් දක්වා එය අඩු වී ඇතැයි වාර්තා වනවා.

මැයි 15 දිනට යෙදුනු ජාත්‍යන්තර පවුල් දිනය නිමිත්තෙන් අදාල තොරතුරු නිකුත් කිරීමට එරට සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here