Home Local අනියම් පුරුෂයා සමඟ එක්වී සැමියා ඝාතනය කළ කතට වැඩ වරදියි

අනියම් පුරුෂයා සමඟ එක්වී සැමියා ඝාතනය කළ කතට වැඩ වරදියි

306
0

කාන්තාවක් සමග පැවැති අනියම් සම්බන්ධතාවයකට අනියම් පුරුෂයා සමග එක්ව එම කාන්තාව සිය සැමියා ඝාතනය කර වැසිකිලි වලකට දමා තිබියදි ඊයේ (20) කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයෙන් සොයාගැනිමට කන්තලේ මුලස්ථාන පොලිසිය සමත්ව තිබෙනවා.

දින ගණනාවක සිට වැසිකිලවලකින් හමන අධික දුර්ගන්ධය ඉවසා ගැසිමට නොහැකි වු අසල්වාසින් 119 හදිසි දුරකථනයට දැනුම් දිමෙන් පසු මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි.විජේසිරි ඇතුලු පොලිස් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ඇරඹිමෙන් පසු මෙම ඝාතනයේ සුල මුල සොයා ගැනිමට සමත්වුණා.

ඝාතනයට ලක් වු අය ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඉකුත් අප්‍රේල් මාසයේ දිනක අනියම් බිරිද සිය සැමියා රවටා වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරිමට අනියම් පුරුෂයාගේ නිවසට රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර තිබිනැයි මුලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

ඉතා සැලසුම් සහගතව මෙම ඝාතනය සිදුකිරිම සදහා අනියම් පුරුෂයා තම බිරිද හා දරුවන් බිරිදගේ දෙමව්පියන්ගේ නිවසට යවා ඇත්තේ රැවටිමකට ලක්කර බව පොලිසිය කියයි.

ඝාතනය කල අය වැසිකිලි වලට දමා කොන්ක්‍රිට් ලෑල්ලෙන් වසා සිමෙන්ති බදාම වලින් කපරාරු කර තිබි ඇති අතර අධික දුර්ගන්ධය දින ගණනාවක සිට පවතින සැකය මත 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දිමෙන් පසු මෙය අනාවරණය වි තිබෙනවා.

බෑනාගේ අතුරුදහන්විම බිරිදගේ මව විසින් අප්‍රේල් මාසයේ ගල්කිරියාගම පොලිසියට දැනුම් දි තිබි ඇති අතර අලුත් අවුරුදු වලට තමන්ට දඹුල්ලෙන් නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාදි මිතුරන් පිරිසක් සමග සිය සැමියා ගිය බවත් බිරිද ගල්කිරියාගම පොලිසියට ප්‍රකාශයක් ලබාදි තිබුණි.

කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඩබ්.ඒ.ප්‍රියංකර සිල්වාගේ උපදෙස් මත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි.විජේසිරි අපරාධ පරික්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්.එම්.එස්.රංජිත් වික්‍රමසිංහ යන පිරිස වැඩිදුර පරික්ෂණ මෙහෙයවනු ලබනවා.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here