Home Hit රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට TNA සහාය

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට TNA සහාය

647
0

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය පළකළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් බහුතරයක් ප‍්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදාහැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත‍්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බව බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 14 න් 8 දෙනකු පමණ මෙම තීරණයේ පසුවන බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතින බවත් සඳහන්.

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට සූදානමින් සිටින බවත්, එකී සාකච්ඡුාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here