Home Hit බොරු බෝම්බ බියකින් ගිංතොට කැළඹෙයි

බොරු බෝම්බ බියකින් ගිංතොට කැළඹෙයි

273
0

ගිංතොට, මහවත්ත ප්‍රදේශයේ ගිං ගගේ නාන තොටුපොල අසල බෝම්බයක් තිබෙන බවට පැතිර ගිය ආරංචියත් සමග අද (20) පෙරවරුවේ එම ප්‍රදේශයේ ජනතාව මහත් කලබලයට පත්ව තිබෙනවා.

කිසියම් සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වු පොලිසිය එම ස්ථානයට ගොස් ආරක්ෂාව සළසා බෝම්බ නිශ්ක්‍රිය අංශය කැඳවනු ලැබුවා.

බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ එය හමුදා සංදර්ශණ වලදි භාවිතා කරනු ලබන “ග්‍රින් ස්මොක්“ නමැති වර්ගයේ එකක් බවට හඳුනා ගන්නා ලද අතර ඒවා පිපිරවිමේදි විවිධ වර්ණ සහිත දුම් පිටවන බවත් විවිධ උත්සව අවස්ථාවල දි උත්සව වර්ණවත් කිරිම සඳහා මේවා භාවිතා කරන බවත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මෙය මෙම ස්ථානයට ගෙනැවිත් තැබුවේ කව්රුන්ද යන්න පිළිබඳව සොයා බලන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here