Home Local කදුරුවෙල සෝදිසි මෙහෙයුමකින් ප‍්‍රහාරක රොකට් උණ්ඩ කොටස් 72ක් සොයාගනියි

කදුරුවෙල සෝදිසි මෙහෙයුමකින් ප‍්‍රහාරක රොකට් උණ්ඩ කොටස් 72ක් සොයාගනියි

747
0

ආරක්‍ෂක අංශ විසින් ඊයේ (19) පෙරවරුවේ පොලොන්නරුව, කදුරුවෙල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප‍්‍රහාරක රොකට් උණ්ඩ කොටස් 72ක් සහ කඩු 02ක් සොයා ගැනීමට හැකිවූ බව පොලොන්නරුව පොලිසිය පවසනවා.

චාජර් යනුවෙන් හඳුන්වනු ලබන මේ උණ්ඩ කොටස් බෙහෙවින් දිරාපත්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පොලොන්නරුව, කදුරුවෙල මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ පිහිටි අපජලය ගලා යන කුණු ඇළක් පරීක්‍ෂාවට ලක් කිරීෙමීදී මෙම යුද උපකරණ හමුවී ඇත.

මේවා කවුරුන් විසින් ඒ ස්ථානයට ගෙනැවිත් දැමුවේද යන්න සොයා බලන බවයි විමර්ශන කටයුතු කරන නිලධාරීහු පැවසුවේ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකරගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඵම්. ඵස් .එම් ජරූල්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලබනවා.

කරුණාරත්න ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here