Home Hit තනිව සිට ගත් රටක්; ඊශ්‍රායලය

තනිව සිට ගත් රටක්; ඊශ්‍රායලය

1526
0

ඊශ්‍රායලය කියන්නේ අභිමානවත් අතීතයක්, වර්තමානයක් වගේ ම අනාගතයක් ඇති රටක්. මේ රට හැදුන හැටි පුදුමාකාරයි. බහුතරයක් වුණු මුස්ලිම් ජාතිකයන් අතරේ සුලුතරයක් වුණු යුදෙව්වන්ට (Jews)  නිතර කරදර සිද්ද වෙන්න ගන්නවා. මේ නිසාම ඔවුන් කුඩා රටක් හදා ගන්නවා ඊශ්‍රායලය කියලා. 1948 දී රටක් විදියට ප්‍රකාශයට පත් කළාට පස්සෙ අරාබි රටවල් පහක් ඊශ්‍රායලයට විරුද්දව යුධ ප්‍රකාශ කරනවා.

අරාබි රටවල් පහක් එක්ක යුද්ධ කරපු හැටි

මේ වෙද්දි ඊශ්‍රායලයේ හිටියේ හිට්ලර්ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සරණාගත යුදෙව් ජාතිකයන් පිරිසක් විතරයි. මේ අයට හරිහමන් යුද පුහුණුවක් තිබ්බෙ නා. ලෝකය වටේ හිටපු යුද විශ්ලේෂකයො හිතුවෙ ඊශ්‍රායලය සති දෙකක් වත් තියෙන එකක් නෑ කියලා. ඒත් මාස 9 ක් පුරාවට තිබුණ යුද්දෙ ඊශ්‍රායලය ජය ගත්තෙ කවුරුත්ම නොහිතපු විදියට.  ඊශ්‍රායල ජාතිකයන් දැනන් හිටියා මේ අන්තිම අවස්තාව නෙවෙයි කියලා . ඉදිරියට තවත් යුද්ද වලට මූණ දෙන්න වෙනවා කියන එක. ඒ නිසා ඒ ගොල්ලෝ වෙනදටත් වැඩිය ඒ සදහා සූදානම් වුණා.

ඊට අවුරුදු  19 කට පස්සෙ තවත් අරාබි රටවල් පහක් ( සිරියාව, ඉරාකය, ඊජිප්තුව, ජෝර්දානය ) දැවන්ත ලෙස ප්‍රහාර එල්ල කරනවා පකිස්තානයේ සහයත් ඇතිව. ඒත් ඊශ්‍රායලය මේරටවල් පහම පරද්දන්නෙ දවස් හයකින්. ඔව් දවස් හයයි ඔවුන්ට ඕන උනේ. මේ වතාවේ ඔවුන් මේ රටවල් පරද්දලා විතරක් නිකන් හිටියෙ නෑ. ඒවෙනුවට ඒ රටවලින් තමන්ගෙ රට වගේ තුන් ගුණයක් විශාල බිම්කොටස් තමන්ගේ රටට එකතු කර ගත්තා. මේ යුද්දය ලෝකය පුරා ප්‍රසිද්ද වුනේ 6 days war කියලා. යුද විශ්ලේෂකයින් මෙය වෙනම අද්‍යනය කරන්න ගත්තා. මේ යුද්දය ඊශ්‍රයලය කරේ කෝමද කියන එක ඔවුන්ටත් අදහා ගන්නට පවා බැරි උනා. මේ යුද්දයට අණ දුන්න හමුදා නිළදාරින් ඉතාම ප්‍රසිද්ද උනා.

මේ යුද්දයෙන් අවුරුදු 6 කට පස්සෙ සිරියාව හා ඊජිප්තුව නැවත ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කරන්න ගත්තා. රටවල් දෙකක් පමණක් උනත් මේ  වතාව ගිය පාර තරම් ඊශ්‍රායලයට ලේසි එකක් උනේ නා. මොකද අරාබි රටවල් සතුඅව රුසියාව විසින් නිපදවූ හොදම අවි ආයුද හා තාකෂණය තිබුණා.  ඊශ්‍රායලයට මේ දේවල් නොතිබුණාට ඔවුන් ට ඊට වඩා දෙයක් තිබුණා. ඒ තමයි යුදෙව්වන් ගෙ මොළේ. ඊශ්‍රයල යුද නිලදාරින් ගේ උපක්‍රමශීලි හා තැනට සුදුසු නුවණ ඉදිරියේ අරාබි ජාතිකයන් ගේ මාස ගාණක සැලසුම් කෑලි කෑලි වලට කැඩිලා ගියා. ඊශ්‍රායල හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 විතර මරණයට පත් උනා. යුද යානා 25 විනාශ වෙද්දි අරාබි යුද යානා 631 විනාශ වෙලා තිබුණා.

අද ඊශ්‍රායලයේ සිටින සෑම යුදෙව්වෙක් ම අවුරුද්‍ය් 19 ඉදන් යුද පුහුණුව ලබනවා. එය අනිවාර්‍යයි. ගැහැනු අයත් ඇතුළුව. ඔවුන්ට ආතමාරක්ෂාව සදහා පාවිච්චි කරන්න සටන් කලාවක් පවා උගන්නලා තියනවා. ඕනම අවස්තාවකදී පැය 72 ඇතුලත 250000 ක හමුදාවක් සේවයට කැදවන්න තරම් හමුදා සන්නිවේදනය හා protocol දියුණු කරලා තියනවා. යුද්ද කාලෙදි ලෝකය පුරා ඉන්න යුදෙව් ශිෂ්‍යයො ආපහු තම මව් රටට එන්නෙ කවුරුත් කියලා නෙවෙයි. මේ විදියට යුද කරලා තුවාල උන සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො පවා උනා.

ඊශ්‍රායලය වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන රේන්ජ් එකක අවි ආයුද තමන් ම නිපදවන්න පටන් ගත්තා. වෙඩි උණ්ඩයේ ඉදන් කෆීර් යානා දක්වා ම. ලෝකයේ ම අංක එකේ ඩ්‍රෝන අපනයනය කරන්නෙත් මේ ගොල්ලොම තමයි.

ඇමරිකාවෙ CIA එකේ 20000 නිළදාරින් most wanted 100 people ලිස්ට් එකක් ගැන බලද්දි ඊශ්‍රායල ඔත්තු සේවා (mossad) එකේ 2500 නිළදාරින් වටේ ම ඉන්න අරාබි රටවල most wanted 100000 ක ලෝකෙ ලොකුම ලිස්ට් එක ගැන අවදානෙන් හිටියා. කොටින්ම අද මුළු ඊශ්‍රායලයම war machine එකක්. මේ රටට මුලු ආරාබිකරයම යටයි.

යුද්ද විතරද?

කිසිසේතම  නෑ. මේ පුංචි රට 21 වෙනි සියවස වෙද්දි විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහළම තැනකට එන්න සමත් වෙනවා. මුළු ලෝකයෙන්ම වැඩිම නොබෙල් තෑහි ප්‍රතිශතය ලබාගන්නෙ ඔවුන්. ඒවා වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. ඊශ්‍රායලය සතුව මිනිස්සු 10k ට 145 ක් technicians ඉන්නවා. ඇමරිකාවෙ ඉන්නෙත් 10k ට 85 ක් විතරයි.  සැටලයිට් එකක් අභ්‍යවකාශෙට ලෝන්ච් කරන්න පුලුවන් රටවල් අතරට එනවා. ලෝකෙ එහෙම රටවල් තියෙන්නෙ අටක් විතරයි. තුන්වෙනියට හොදම science & technology institute බිහිකරනවා. ලෝකෙ අට වෙනියට වැඩිම ආයු අපේක්ශිත රට වෙන්නත් ඊශ්‍රායලය. ඒවගේ ම සෙල් ෆෝන් එක බිහි වුනේ මේ රටේ තිබුණ Motorola lab එකේදි. ඒ වගේ ම Intel එකේ pentium1v , Centrino වගේ processors බිහි වෙන්න ගත්තා.

Skype වගේ මෘදුකාංග VOIP වල දියුණුවට උදව් උනා. ( VIBER කියන්නෙ 100% ඊශ්‍රායල නිෂ්පාදනයක්. ) ගිලපුවම මුලු ආහාර මාරගයේ ම පින්තූර ගන්න පුලුවන් විදියෙ කැප්සූල් නිඅපදවන්න පවා තාක්ෂණය දියුණු උනා. ලෙඩෙක් ගෙ ශරීරයේ අංග වල නිවැරදි HOLOGRAM එකක් ගැනීමෙ හැකියාව ඇති කරලා තියනවා. මෙය හිස් වාතයේ හදන ත්‍රීමාන ආකෘතියක්. මේ විදියට හදන ආකෘතියක් වෛද්‍යවරයෙක්ට ඒ මේ අත හරවලා අද්‍යනය කරන්න පුලුවන්.  ශරීරය කපා අතට ගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ. මේ තාක්ෂණය තාමත් ඊශ්‍රායලය තුළ  දියුණු කරමින් පවතිනවා.

අද වෙනකොට ඊශ්‍රායලයේ ආර්තික වටිනාකම වටේටම තියන අරාබි රටවල ආර්තික වටිනාකමට වඩා වැඩියි. හැබයි ඒ ඔවුන් තෙල් විකුණලා නෙවෙයි. ඔවුන්ට මැදපෙරදිග තෙල් සම්පතක් නෑ.

“ Arab may have the oil, but we have the matches”  – Arial Sharon-

ඒත් ඊශ්‍රායලය මෙච්චර දෙයක් කෝමද කළේ

උත්තරේ හරිම සරලයි.යුදෙව් ජාතිකයන් තමා ලෝකෙ ඉන්න හොදම average IQ වැඩිම ජාතිය. හොදම මොළ ටික. මුලු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% යි. ඒ උනත් නොබෙල් ත්‍යාග වලින් 22% ක් ම ඔවුන් ගේ. ඒවත් වැඩි ප්‍රමාණයක් විද්‍යාව හා තාක්ෂණය හා සම්බන්ද ඒවා.

පසුගිය අවුරුදු 105 කම මුස්ලිම් නොබෙල් ලාභීන් හිටියෙ 8 ක් පමණයි. නමුත් යුදෙව්වන් 166 ක් හිටියා.  ව්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ක් පමණයි ඒත් ඉන්ජිනේරුවන් හා වෙදදුරන් 51% ක් ම යුදෙව් ජාතිකයෝ. ඇමරිකාවෙ ඉන්නෙ 3% යුදෙව්වො ඒත් නොබෙල් ත්‍යාග වලින් 27% ක් ම ඇමරිකන් යුදෙව්වන්ගෙ.

  • කීර්තිමත් භෞතික විද්වතුන් ( ඇල්බර්ට් අයින්ස්ටයින්)
  • මනෝ විද්වතුන් ( සිග්මන් ෆ්‍රොයිඩ්)
  • සිනමාකරෞවන් ( ස්ටීවන් ස්පිල්බර්ග්)
  • ෆේස්බුක් හොයාගත්ත මාර්ක් සකර්බර්ග් වගේම ගූගල් හොයාගත්ත දෙන්නගෙන් එක්කෙනෙක් වෙන සර්ජේ කියන්නෙත් යුදෙව් ජාතිකයෙක්.
  • ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ
  • පලමු පෝලීයෝ එන්නත් සොයා ගැනීම
  • ලෝකයේ පළමු චෙස් චැම්පියන්ස්ලගෙන් 50% ක් ම යුදෙව්වන්.

ඊශ්‍රායලය බිහි කලේ එකම එක අරමුණක් ඇතිව. ඒ තමා ලෝකයේ හැමතැනම විසිරිලා ඉන්න යුදෙව්වන්ට එක රටක් නිර්මාණය කිරීමෙ අදහසින්. හිට්ලර් විසින් යුදෙව්වන් 70% ක් ම ඝාතනය කිරීමෙන් පස්සෙ ඔවුන්ට ඒ  උවමනාව වෙන කවදාටත් වඩා දනුනා. රටේ මොන යුද්ද තිබ්බත් ලෝකෙ පුරා අරාබි රටවල දුක් විදපු  හැම යුදෙව්වෙකුටම ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන ලෙස කටයුතු කළා . ඒ වගේ ම ඔවුන් ව නැවත ගෙන්වා ගැනීම සදහා වැඩ කටයුතු සැලසුම් කළා. ඔවුන් ලෝකය පුරා සිටි යුදෙව්වන්ට කීවෙ “ come home” කියලා.

මැරුණු භාෂාවකට පණ දුන්න රටක්..

යුදෙව්වන් තමන්ගෙ භාෂාව විදියට වසර 2000 පමණ වදවෙලා ගිය භාෂාවක් උන හීබෲ භාෂාව තෝරා ගත්තා. අවුරුදු  දෙදහසකින් පසුව ඇහුන භාෂාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.  මීට කලින් ඉතිහාසයේ කොයිම තැනකදිවත් මැරුණු භාෂාවකට පණ දීලා නෑ.  එය රටක ප්‍රදාන භාෂාවක් කරගෙනත් නෑ. සියලුම පරණ හා අලුත් වචන සදහා අලුත් වචන 2000 බැගින් භාෂා විශවවිද්‍යාල මගින් නිකුත් කරනවා. මේ නිසා හීබෲ භාෂාව අතරට ඉංග්‍රීසි වචන දාලා කතා කරන එක අවම වෙනවා.

අවුරුදු දහස් ගාණක් පුරාවට දස ලක්ෂ ගණන් සංහාරයට පත් වෙච්ච මිනිස්සු කොට්ටාශයක් යුරෝපයේ ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අත හැරලා තුත්තිරි ගහක්වත් පැළවෙන්නෙ ඇති  කාන්තාරෙකට පදිංචියට ඇවිත් හතර වටෙන් ආපු මුස්ලිම් තර්ජන මැද්දෙ රටක් හදලා ලෝකෙම ඉහළටම ඇවිල්ලා අවුරුදු 4000 සැලස්ම සම්පූර්ණ කතාව තමයි මේ. ඊශ්‍රාලයේ අනාගත කතාව දිහා ලෝකයටම බලාපොරොත්තු සහගතව බලන් ඉන්න පුලුවන්. 

ලංකාව වගේ අරමුණක්, ජාතික ප්‍රතිපත්තියක් නැති රටකට කාට හරි කියන්න පුලුවන් ඊශ්‍රායලය වගේ වෙන්න කියලා.

 ඔව් ඊශ්‍රායලය වගේ වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here