Home Local ”මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමය 2019” අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

”මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමය 2019” අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

256
0

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යෝජිත “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය 2019 සඳහා වන අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 03ක උපරිමයකට යටත්ව පොළී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව පොළී අනුපාතයෙන් 50% පොළී සහනයක් යටතේ ණය ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

වසර 03ක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු මෙරට පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හා අර්ධකාලීන පදනම මත සේවයේ යෙදී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට මෙම විශේෂ ණය යෝජනා ක්‍රමයට අයඳුම් කළ හැකියි.

madya aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here