Home Local මධූෂ් සඟවා තිබූ ආයුධ සොයා රහස් පොලිසිය වැලිවේරියට

මධූෂ් සඟවා තිබූ ආයුධ සොයා රහස් පොලිසිය වැලිවේරියට

364
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මඳුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී ඊයේ (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සැකකාර මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ තොරතුරු මත රහස් පොලිසියේ විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්‍රදේශයට ගොස් තිබෙනවා.

මාකඳුරේ මධුෂ්ගේ මඟ පෙන්වීම මත සොයාගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ත්‍රස්ත්‍රවාදය වැළැක්මේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

මනෝජ් හර්ෂික සහ තිලකරත්න දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here