Home Hit තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ තවත් සමිපතයින් දෙදෙනෙකු අත්අඩංගුවට

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ තවත් සමිපතයින් දෙදෙනෙකු අත්අඩංගුවට

393
0

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හසීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ, ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු  හොරොව්පතානේදී අත්අඩංගුවට ගෙන ඇත.                              

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ මෙහෙයුමකින් හොරොව්පතාන පත්තෑව පදිංචි නූර් මොහොම්මඩ් අඩ්රායූර් හා අබ්දුල් ජමාර් නිජම් යන 48 හා 56 වයසේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එප්පාවල – තිසර සමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here