Home Local මාදම්පේ ඇළ මාර්ගයක තිබී මිනිස් ඇටකටු තොගයක් හමුවෙයි – PHOTOS

මාදම්පේ ඇළ මාර්ගයක තිබී මිනිස් ඇටකටු තොගයක් හමුවෙයි – PHOTOS

391
0

මාදම්පේ – මරම්බැටේ ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී හමුවූ මිනිස් ඇටකටු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක උදයංග හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කරනු ලැබුවා.

පසුගිය 15 වනදා සවස මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් මෙම ඇට කටුසොයා ගෙන තිබෙනවා.

පොහොර උරයක බහා තිබූ ඇටකටු තොගයේ හිස් කබල සහ අනෙකුත් අස්ථි කොටස් පැහැදිලිවම දක්නට තිබු අතර කිසියම් අයෙකු විසින් මෙම ඇට කටු පොහොර උරයේ බහා ඇල මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පවසනවා.

කබරයින් හෝ වෙනත් සතුන් විසින් පොහොර උරය ඉරා දැමීම හේතුවෙන් ඒවා පිටතට පැමිණ ඇති අතර එම ඇල මාර්ගය අසලට පැමිණි අයෙකු විසින් පොලීසියට මේ බව දැනුම් දී ඇතැයි සඳහන්.

හලාවත අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරීඑච්.එම්.ඩබ්ලිව්.කුමාර විසින් ඇට කටු තිබූ ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා.

අනතුරුව ඇට කටු සහ ඒවා බහා තිබූ පොහොර උරය පරීක්ෂණ කටයුතු සදහා හලාවත මහා රෝහල වෙත රැගෙන යන ලද අතර මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාරගේ උපදෙස් මත වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here