Home Hit යාපනයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇප මත මුදාහරියි

යාපනයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇප මත මුදාහරියි

465
0

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් අද(16) ඇප මත නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කොට තිබෙනවා.

ආරක්ෂක අංශ පැවසූවේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් හා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුවා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත එලෙස ඇප ලබා දි ඇති බවයි.

පසුගියදා යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී LTTE සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හා LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් යන පුද්ගලයින්ගේ ජායාරූප ළඟ තබාගැනීමේ වරදට අදාළ සිසුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත හා සෑම ඉරු දිනකම යාපනය කෝපායි ‍පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග ලබාදීම මත ඇප ලබාදි ඇති බවයි ආරක්ෂක අංශ පැවසූවේ.

අදාළ සිසුන් නිදහන් කරන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල සේවක සංගම් හා යාපනය දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊයේ විරෝධතාවයක ද නිරතවුණා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here