Home Local ”ටැබ් පරිගණක ලබාදීමට රාජ්‍ය මුදල් අවභාවිත කරලා” – රැකියාලාභී උපාධිධාරී සංගමය

”ටැබ් පරිගණක ලබාදීමට රාජ්‍ය මුදල් අවභාවිත කරලා” – රැකියාලාභී උපාධිධාරී සංගමය

232
0

උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ සාක්ෂි විභාගය අද (15) ආරම්භ කරන බව පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, සාක්ෂි ලබාදීම සඳහා අද දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් හේවාවිතාරණ කැඳවා ඇති බවයි.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ටැබ් පරිගණක ලබාදීමට පියවර ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට රැකියාලාභී උපාධිධාරී සංගමය මෙම පැමිණිල්ල ජනාධිපති කොමිසම හමුවේ ගොනු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here