Home Hit කැටී සැන්ඩ්විනා නොහොත් හර්කියුලිස් ආර්‍යාව

කැටී සැන්ඩ්විනා නොහොත් හර්කියුලිස් ආර්‍යාව

826
0

ලොව විසූ ශක්තිමත්ම ගැහැණිය ලෙස එකළ සැලකූ කැටී සැන්ඩ්විනා, කැතරින් බෘම්බැච් ලෙස 1884 හි ඔස්ට්‍රියාවේ වියානා හී සර්කස් පවුලක 14 වැනි දරුවා ලෙස උපත ලැබූ අතර කුඩා කළ සිට පෙන්නුම් කළ අතිමානූෂීය ශක්තිය හේතුවෙන් ඈ යන්තම් හය හතර ගලපද්දීම සර්කස් කවය තුළ අති ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටියාය. 

නව යොවුන් වියේදී ඇයගේ පියා විසින් මල්ලව පොර තරගයකදී ඇය පරද්දන්නෙකු හට එකළ වටිනාකමින් මාර්ක්ස් 100ක මුදලක් ලබා දෙන බව ප්‍රකට කර තිබූයෙන් වසර ගණනක් පුරා ශක්තිමත් මිනිසුන් සිය ගණනක් හා පොර බැදී ඈ ඒ කිසිවක් ජයග්‍රහණය ලැබීමෙන් මිස අවසන් නොකලාය. වසර ගණනක ඇවෑමෙන් ප්‍රථම වරට මල්ලවපොර තරගයකදී ඇය පැරදී ගිය අතර එහිදී ඉන් වහා සමුගත් ඈ ජයග්‍රාහකයා විවාහ කරගත්තාය.

වරක් ලොව ශක්තිමත්ම මිනිසා ලෙස එකළ ප්‍රකටව වුන් ඉයුජින් සැන්ඩෝ රාත්තල් 300ක බරක් පපු පෙදෙස තෙක් ඔසවා බිම තැබූ අතර වහා ක්‍රියාත්මක වූ කැතරින් ඔහු එසවූ බර හිසට ඉහළින් ඔසවා බිම තැබූ අතර එතැන් පටන් කවුරුත් ඇය ‘කැටී සැන්ඩ්විනා’ ලෙස හැදින් වූ අතර ඒ ඇය හා බර එසවීමෙන් පැරදී ගිය සැන්ඩෝ නාමය ස්ත්‍රීකරණය කිරීමක් ලෙසටය.

වයස අවුරුදු 60 තෙක් සර්කස් ක්‍රීඩාවෙහිම නිරතව උන් ඇය සිදුකළ ශක්තිය විහිදා පෙන්වීමේ ප්‍රයාම අතර සිය සැමියා එක් අතකින් ඉහළට ඔසවා සිනාමුසු මුහුණින් කැරකැවීම හා අශ්වයන් හතර දෙනෙකු සිව් කොණින් ඇදීම දරා සිටීම මහත් ප්‍රචලිතව තිබූ ඒවා විය. මිය යනවිට හැටහත් වන වියෙහි පසු වූ කැටී ජීවිතයේ අවසාන කාලයේදී නිව්යෝර්ක් නුවර තැබෑරුමක් පවත්වා ගෙන ගිය අතර බොහෝවිට එහි බේබද්දෙකු හා ශක්තිය උරගා බැලීමෙහි කුඩා ක්‍රීඩාවක යෙදෙමින් ඇයගේ ප්‍රකට තාරුණ්‍යයේ මතක සටහන් අප්‍රකට තැබෑරුම් කොනකදී යළි සිහිකර ගත්තාය.

ඓතිහාසික ජායාරූප පිටුවෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here