Home Hit අමිත් වීරසිංහ රිමාන්ඩ්

අමිත් වීරසිංහ රිමාන්ඩ්

949
0

ජාතීන් හා ආගම් අතර මෙන්ම මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘මහසොන් බළකායේ’ ප‍්‍රධානී අමිත් වීරසිංහ නමැත්තා ලබන 28දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (15දා) නියම කළාය.

මිනුවන්ගොඩ ඇතුළු වයඹ පළාතේ ඇතැම් නගර ආශිතව පසුගිය දිනවල සිදුවු කළබලකාරී සිද්ධීන් වලට මෙම සැකකරුගේ සම්බන්ධතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන බව කියමන් කොළඹ දකුණ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළතන්මින් සැකකරු රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත‍්‍රාත්වරිය නියම කළාය.

වයඹ පළාතේ ඇතැම් නගර ආශිතව පසුගිය දිනවල සිදුවු කළබලකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරු වලට අනුව සිදුකළ විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොළඹ දකුණ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here