Home Local සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කිෂු ගෝමස් ඉවතට?

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කිෂු ගෝමස් ඉවතට?

1048
0

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා ලෙස ජොහාන් ජයරත්න පත්වීම් ලබා ඇතැයි එම අධිකාරිය පවසනවා.

සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග අතින් අද (14) පෙරවරුවේදී මෙම පත්වීම ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් කිෂු ගෝමස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිට කටයුතු කළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරයේ තවදුරටත් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මුහුණ දී ඇති නව අභියෝග වෙත මුහුණ දීම සඳහා මෙම නව පත් කිරීම සිදුකළ බව අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වසර තුළදී ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු කිෂු ගෝමස් යටතේ පවතින ප්‍රවර්ධන කාර්යාංශය හරහා ද, දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කටයුතු ජයරත්න යටතේ පවතින සංවර්ධන අධිකාරිය යටතේ ද සිදුකිරීම අරමුණ බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

භානුක අමරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here