Home Local මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් වසා වසා දමයි

මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් වසා වසා දමයි

677
0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්නගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් තාවකාලිකව වසා දැමිමට කටයුතු කල බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා.

අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද පස්වරු 02 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර තිබෙනවා.

මත්පැන්සැල් වසා දැමිම සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ඇතැම් පලාත් වල මේ දිනවල පවතින නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ අද සිට සතියක් පුරා මධ්‍යම පලාතේ මත්පැන් සැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස්වරයාගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කල බවයි.

අද දිනයේ මත්පැන්සැල් වසා දමා ඉදිරි දින කිහිපයේදි මත්පැන් සැල් වසා දැමිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිරණයකට එළඹිය හැකි බව සුරාබදු කොමසාරිවරයා විසින් ආණ්ඩුකාරවරයාව දැනුවත් කර ඇති බවයි මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here