Home Local ”කාඩ්‌බෝඩ් වීරයින් වෙන්න එපා” – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

”කාඩ්‌බෝඩ් වීරයින් වෙන්න එපා” – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

1049
0

දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කර සිටිනවා.

අද (14) සවස පැවැති මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

උන්වහන්සේ අදහස් දක්වමින්,

“ආරක්ෂක අංශවල මෙහෙයුම් වලට සහයෝගය අවශ්‍ය වේලාවක ඇතිව තිබෙන මෙම තත්ත්වය බරපතල වරදක්. දේශපාලඥයින් තමන්ගේ ගෝල බාලයන් මෙම අස්ථාවේ පාලනය කරගත යුතුයි.

ඉස්ලාමීය දේවස්ථාන වලට පහරදීම, කඩ වලට පහරදීම තුළන් වීරයින් නොවී තමන්ව පාලනය කර ගන්න. මෙම අවස්ථාවේ කාඩ්‌බෝඩ් වීරයින් වෙන්න එපා.

ඉස්ලාම් ආගමිකයන්ගෙන් ඉල්ලන්නේ, කලබල නොවී ඉවසිලිමත් වෙන්න. රටේ පොදු සංස්කෘතියට ඒකතු වන්න.”

මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here