Home World අමෙරිකාව මරියානා ආගාධය ජය ගනියි

අමෙරිකාව මරියානා ආගාධය ජය ගනියි

1302
0

මරියානා ආගාධයේ ගැඹුරටම කිමිදීමේ වාර්තාව තැබීමට ඊයේ (13) අමෙරිකා ගවේෂකයක් වන වික්ටර් වෙස්කෝවෝ සමත් වුණා.

ඒ කිලෝමීටර් 11ක දුරක් ගැඹුරට කිමිදීමෙන්.

විශේෂ සබ්මැරීන යාත්‍රාවකින් මරියානා අගාධයේ පත්ලට කිමිදී ඇති අතර එම ගවේෂනයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට අමතරව නව මුහුදු ජීවී විශේෂ කිහිපයක් ද සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මරියානා ආගාධයට මීට පෙර මිනිසුන් ගමන් කර ඇත්තේ අවස්ථා 02 කදී පමණයි.

ඒ 1960 දී සහ 2012 යන වසර වලදී වන අතර 1960 දී ප්‍රථම වරට මරියානා ආගාධයට දෙදෙනෙක් ගමන් කර තිබෙනවා.

වසර 2012 දී චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් ඊට ලඟා වී ඇති බව සඳහන්.

නමුත් ඔවුන් දෙදෙනාට වඩා ගැඹුරකට ගමන් කිරීමට මෙවර අමෙරිකාව සිදුකළ ගවේෂණයේදී වික්ටර් වෙස්කෝවෝ සමත් ව තිබෙනවා.

එම මෙහෙයුමට ගතවූ කාලය පැය 12ක් වන අතර ඉන් පැය 04ක කාලයක් ඔහු ආගාධ පතුලේ ගවේෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

1960 වසරේ පළමු වරට මරියානා ආගාධයේ ගවේෂණයේ යෙදුනු දෙදෙනාගෙන් එක් අයෙකු වන දොන් වොල්ෂ් ද මෙම මෙහෙයුම් කණ්ඩායම නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here