Home Local වවුනියාවේ පාසල් සිසුන්ගේ පැමිණීම පහළට – ආරක්ෂාව දැඩි කරයි

වවුනියාවේ පාසල් සිසුන්ගේ පැමිණීම පහළට – ආරක්ෂාව දැඩි කරයි

733
0

වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් වෙත අද (13) දිනයේ දරුවන් 10%ක පමණ ප්‍රමාණයක්වත් පැමිණ නොමැති බව පාසල් දරුවන්ගේ දෙමාපියන් පවසනවා.

‍දෙමාපියන් පැවසූවේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි වෙනුවෙන් දෙවැනි පාසල් වාරය අද (13) ආරම්භ කරනු ලැබුව ද ප්‍රාථමික ශ්‍රේණි වෙනුවෙන් දරුවන් දෙ‍තුන් දෙනෙක් හෝ නොපැමිණ ඇති බවයි.

පැතිර යන විවිධ ප්‍රචාර හේතුවෙන් පාසල් වල 06 ශ්‍රේණියෙන් ඉහළ පන්ති වෙතද දරුවන් නොපැමිණ ඇති බව පාසල් දරුවන්ගේ දෙමාපියන් පවසා සිටියා.

පාසල් විදුහල්පතිවරුන් පැවසූවේ පාසල් අවට යුධ හමුදා නිළධාරීන්, පොලිස් නිළධාරීන්, පාසල් දරුවන්ගේ දෙමාපියන්ගෙන් සැදුම්ලත් ආරක්ෂක කමිටු සාමාජිකයින් විශාල පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටිය ද පාසල් වෙත දරුවන්ගේ පැමිණීම ඉතාම පහළ අගයක් පවතින බවයි.

ඇතැම් පාසල්වල පාසල් ගුරුවරුන්ගේ ප්‍රමාණයටවත් සමාන වන ආකාරයට පාසල් දරුවන් නොපැමිණ ඇති බව දෙමාපියන් සඳහන් කර සිටිනවා.

වවුනියාව ප්‍රදේශය භාර ආරක්ෂක අංශ නිළධාරීන් පැවසූවේ පාසල් අවට ප්‍රදේශ වෙත මේ වන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බවයි.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here