Home Local ”ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙමෙයි” – අමාත්‍ය මංගල සමරවීර

”ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙමෙයි” – අමාත්‍ය මංගල සමරවීර

535
0

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“මටත් ඕනනම් පුළුවන් අපේ සමහර සඟයන් වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න. මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්, ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා, ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්.

ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. ඒ රටේ ඉන්නවා ක්‍රිස්තියානි, කතෝලික හින්දු, ඉස්ලාම් හා වෙනත් ආගම්වල අය. ඒ හැම ආගමක කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තිබෙන අයිතිවාසිකම් තිබෙනවා. අපි බෞද්ධ බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවත් පිටඋඩ පටවන්න බෑ.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here