Home Local පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා පාසල් අද ඇරඹෙයි

පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා පාසල් අද ඇරඹෙයි

257
0

පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පාසල් අද (13) සිට ආරම්භ වනවා.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති විශේෂ ආරක්ෂක සැලසුමට අනුව මෙම ශ්‍රේණිවල පන්ති ආරම්භය කල් දැමීමට රජය පියවර ගනු ලැබුවා.

පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් දෙවන පාසල් වාරය කල් දමනු ලැබූ අතර 05 වැනි ශ්‍රේණියේ සිට ඉහලට ප්‍රථම පාසල් පසුගිය සඳුදා ආරම්භ වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ පාසල් ආරක්ෂව සම්බන්ධයෙන් අඛණ්ඩව ආරක්ෂ අංශ විසින් කටයුතු සිදුකෙරෙන බවයි.

මීට අමතරව ප්‍රජා අරක්ෂක කමිටු, දෙමව්පිය සමිති දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහයෝගය දක්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here