Home Hit ඇල්ල පාලුයි! සිංහල ව්‍යාපාර රැසකට අසාධ්‍යයයි.

ඇල්ල පාලුයි! සිංහල ව්‍යාපාර රැසකට අසාධ්‍යයයි.

1816
0

ශ්‍රී ලංකාවේ සංචාරක කේන්ද්‍රයක් වන ඇල්ල ප්‍රදේශය මේ දිනවල දේශීය සහ විදේශීය සංචාරකයින් නොමැතිව පාලු ස්වභාවයක් ගන්නා බව වාර්තා වනවා.

ආරක්කු නවයේ පාලම, ඇල්ල වළ දිය ඇල්ල, ඇල්ල නගරය, Mini Adams Peak වැනි ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් පැවති ස්ථාන මේ දින්වල පාලුවට ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කල හැකි බව අප වාර්තාකරු ප්‍රකාශ කලා.

“මේ දවස් වල බිස්නස් හරිම අමාරුයි. අපි හොද සිංහල පවුල් වල තරුණයො. අපේ පවුල්වල අය කාලා බීලා ජීවත් වෙන්නේ මේ සංචාරක කර්මාන්තය නිසා. නමුත් රටේ දැන් තියන තත්වය එක්ක මිනිස්සු මෙහෙට එන්න කැමති නෑ. මම කියන්නේ කරුණාකරලා මෙහෙට එන්න. විදේශ සංචාරකයෝ නැතත් දේශීය සංචාරකයින් උනත් ප්‍රමාණවත් මේ කඩා වැටුනු ව්‍යාපාරය ගොඩනංවන්න.” ඇල්ල ප්‍රදේශයේ කුඩා සංචාරක නිවස්නයක් සහ මාර්ගෝපදේශණ සේවයක් පවත්වාගෙන යන අජිත් ප්‍රසන්න අප සමඟ එසේ අදහස් පළකලා.

අජිත් පසුගිය වසරේ පැමිණි විදේශීය සංචාරක යුවළක් සමඟ ඇල්ල වල දිය ඇල්ලේදී.

පහුගිය කාලේ අපිට හොදට බිස්නස් තිබුනා. මිනිස්සු සන්තෝසෙන් බයක් සැකක් නැතුව ඇවිත් ගියා. ඉදිරි සති කිහිපයට මට කිසිම බිස්නස් එකක් නෑ. බිස්නස් නෑ කියලා මගේ සේවකයින්ට පඩි නොදී ඉන්න මට බෑ. මම අලුත් අවුරුද්දට වගේම වෙසක් සතියෙදිත් මගේ සේවකයින්ට අතට කීයක් හරි වැඩිපුර දෙන කෙනෙක්. මේ අවුරුද්දේ මට ඒ දේ කරන්න බැරිවෙයි” නම සදහන් කිරීමට අකමැතිවූ හෝටල් හිමියෙකු අප සමඟ එසේ ප්‍රකාශ කලා.

ආරුක්කු නවයේ පාළම

අප සමඟ කතාබහ කල බොහෝ ව්‍යාපාරිකයින් සිංහල තරුණයින් වීම විශේෂත්වයක්. රට පුරාම සිංහල ව්‍යාපාර ආරක්ෂා කිරීම පිළිබඳව විශේෂ කතාබහක් ඇතිවුණත්, මේ වනවිට සංචාරක කර්මාන්තය මුහුණදී තිබෙන අභියෝගයෙන් එහි නියැලී සිටින සියලු දෙනා ආරක්ෂා කරගැනීමට බොහෝ දෑ කිරීමට අපට සිදුවේවි.

ඇල්ල ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ ඉතා හොද සැලසුමක් සහිතව ක්‍රියාත්මක වන බවත් වාර්තා වනවා. ඒ බව ඇල්ලට එන ඔබ සියලූම දෙනාට දැකගන්න ලැබේවි.

Mini Adams Peak

රටේ ආර්ථිකයට ශක්තියක් වන අතරම ඔබේ ජීවිතයට අලුත් මතකයන් රැසක් එක් කරගැනීම සදහා ඔබේ මීළඟ ගමනාන්තය බවට ඇල්ල බවට පත් කරගන්නා ලෙස Newshub.lk අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. එය ඔබේ සිතට ආශ්වාදජනක අත්දැකීමක් වන බවට නම් අපට විශ්වාසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here