Home Hit ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයා නැවත හරවා යවයි

ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයා නැවත හරවා යවයි

547
0

නිසි අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයෙකු අද (11) ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු බලධාරීන් පියවර ගෙන ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක සහකාර පාලක (නීති) ගයාන් මිලින්ද සඳහන් කර සිටියා.

මොහු 26 හැවිරිදි පලස්තීන ජාතික තරුණයෙකි.

ඔහු ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරන අතරතුර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (10) රාත්‍රී 7.00 ට පමණ ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ E – 1205 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් යටතේ පැමිණ තිබූ ඔහු ශ්‍රී ලංකාවට කුමන හේතුවක් නිසා පැමිණෙන්නේ දැයි ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විමසූ විට , ඔහුට ඒ පිළිබඳව නිසි ලෙස පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා.

ඊට අමතරව ඔහු සංචාරය කිරීමට අපේක්ෂිත ප්‍රදේශ හෝ එහිදී ඔහු නවාතැන් ගැනීමට සූදානම් කර ඇති හෝටල් පිළිබඳව ද කිසිදු නිශ්චිත පිළිතුරක් ඔහු ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති නිලධාරීතුමා ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

එහෙත් මේ හේතු නිසා මෙන්ම රට තුළ වර්තමානයේ පවතින වාතාවරණය සහ ජාතික ආරක්ෂාව යන කරුණු ද සළකා බලා , මෙම පුද්ගලයා ආපසු ඉන්දියාව බලා ඔහු පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ යානයකින්ම පිටුවහල් කර යැවීමට ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ ගුවන් සේවය වෙත භාර දී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here