Home Local විශාලම ග්‍රාම සේවා වසම මට්ටක්කුලියෙන්

විශාලම ග්‍රාම සේවා වසම මට්ටක්කුලියෙන්

422
0

කොළඹ නගරය ආශ්‍රිතව සිදු වූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතැම් ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරීන්ට සිය වසම්වල පදිංචිව සිටින අය පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමේ දැඩි ගැටලුවක් මතුව ඇති බව වාර්තා වනවා.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ග්‍රාමසේවා වසම්වල පවුල් 5000 – 6000 අතර ප්‍රමාණයක් සිටින අතර ඒ අනුව වැඩිම පවුල් ප්‍රමාණයක් වන 6250ක් මට්ටක්කුලිය ග්‍රාම සේවා වසමේ සිටින බව සඳහන්.

එහි ඡන්දදායකයින් 18000ක් සිටින අතර මුළු ජනගහනය 45,000 ඉක්මවන බව කොළඹ ප්‍රාදේශීය ලේකම් ඩී.පී. වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා.

ඊළඟට වැඩිම ජනගහනයත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෝදර ග්‍රාමසේවා වසමේ ජීවත් වන බවයි ඔහු සඳහන් කළේ.

චමින්ද සේනාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here