Home Hit ත්‍රිකුණාමලයේ හර්තාල් – PHOTOS

ත්‍රිකුණාමලයේ හර්තාල් – PHOTOS

857
0

ජාතිවාදය, ත්‍රස්ථවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාලයක් නිසා දෛනික ජන ජිවිතයේ කටයුතු අඩපනව ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කර සිටියා.

ත්‍රිකුණාමලය නගරය කන්තලේ, සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසාදමා තිබු අතර පෞද්ගලික බස් සේවා ද ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

ලංගම බස් ධාවනයේ යෙදුනු අතර ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ඇරඹු අංගොඩ ඩිපෝවට අයත් බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් එහි ඉදිරිපස වීදුරුවට හානි සිදුව ඇතැයි ද සඳහන්.

ත්‍රිකුණාමලය – නුවර ප්‍රධාන මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදි මෙම ගල් පහර එල්ල වු අතර රියදුරු බස්රථය මගින් සමග නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි මාර්ග බාධකය වෙත බස් රථය ගෙන ගොස් තිබෙනවා.

චීන වරාය පාරේ සංගම හන්දියේදි හා උප්පුවේලි හන්දියේ මාර්ගය මැද ටයර් දමා පුලුස්සා තිබු අතර පොලිසිය පැමිණ ගිණි ගන්නා ටයර් ඉවත් කර ඇති අතර පාසල්වල සිසුන්ගේ පැමිණිම අඩු ව ඇතැයි ද වාර්තා වනවා.

එය හර්තාලය නිසා සිදු වුවක් නොවන අතර පවතින ආරක්ෂක තත්වය තුල ගෙවි ගිය සතිය පුරාම සිසුන්ගේ පැමිණිම අඩු වි ඇති බව සඳහන්.

රාජ්‍ය ආයතන, බැංකු විවෘතව තිබුණද එහි සේවක මණ්ඩලවල පැමිණිමේ අඩුවක් දක්නට ඇති අතර ඇතැම් බැංකු හා රාජ්‍ය ආයතනවල මේ නිසා දෛනික කටයුතු වලට බලපැම් එල්ල වි තිබෙනවා.

පාසල් හා රජයේ ආයතන හා බැංකු වලට පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ වලින් ආරක්ෂාව යොදවා ඇති අතර හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශිය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණ ප්‍රාදේශිය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා පවත්වාගෙන යන සත්‍යග්‍රහය ද මෙම හර්තලය තුල ඒ ආකාරයෙන්ම පැවත ඇතැයි සඳහන්.

ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබෙනවා.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here